ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

47. සාලකුසුමිය වග්ග

2. චිතක පූජක ථෙරාපදානය

’’ධ්‍යාන වඩන්නාවූ, ලෝකබන්ධුවූ සිඛී බුදුරජාණන් වහන්සේගේ චිතකයට සපු මල් අටක් පිදීමි.

’’මින් එක් තිස්වන කපෙහිවූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

චිතකපූජකත්ථෙරස්සාපදානං දුතියං.