ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
47. සාලකුසුමිය වග්ග
1. සාලකුසුමිය ථෙරාපදානය
’’පදුමුත්තර බුදුරජතෙම පිරිනිවි කල්හි (උන්වහන්සේගේ) ශ්‍රී දේහය චිතකයට නැංවූ කල්හි සල් මල් පිදීමි.
’’මින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාල කුසුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සාලකුසුමියත්ථෙරස්සාපදානං පඨමං.