ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
46. ජගතිදායක වග්ග
10. ගන්‍ධපූජක ථෙරාපදානය
’’(ආදාහනය සඳහා) චිතකය කරන කල්හි නානා සුගන්‍ධයන් රැස්කරන කල්හි මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ සුවඳ මිටක් පිදීමි.
’’මින් සියක් දහස්වන කපෙහි යම් චිතක පූජාවක් කෙළම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගන්ධපූජකත්ථෙරස්සාපදානං දසමං.
ජගතිදායකවග්ගො ඡචත්තාලීසමො.