ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
46. ජගතිදායක වග්ග
9. පටි පුප්ඵිය ථෙරාපදානය
’’ශරීරය (ආදාහනය සඳහා) ගෙන යන කල්හි බෙර වයන කල්හි (මම) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ රත්ලොත් මල් පිදීමි.
’’(මම) මින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක (ආදාහන) පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පටි පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පට්ටිපුප්ඵියත්ථෙරස්සාපදානං නවමං.