ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
50. කිඞ්කනි පුප්ඵිය වග්ග
6. ඝත මණ්ඩදායක ථෙරාපදානය
’’මනාකොට සිතන ලද්දාවූ, ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, වාතාබාධයකින් පෙළුනාවූ, වැඩහුන්නාවූ, මහාවීරවූ භාග්‍යවතුන් වහන්සේ දැක, සිත පහදවා, ඉතා පිරිසිදු ගිතෙල් ටිකක් පිළිගැන්වීමි. (මෙම පුණ්‍ය කර්‍මය) කරන ලද බැවින්, රැස් කරන ලද බැවින් මේ භාගීරසී ගඟද,
’’සිව් මහ සමුදුරද මට ගිතෙල් සපයති. අප්‍රමාණවූ අසංඛවූ මේ මහත් පෘථිවියද,
’’මාගේ අදහස දැන මී සකුරු (බවට පත්) මේ සිව් මහ දිවයිනෙහි වූ ඒ මේ වෘක්‍ෂ සමූහයද,
’’මාගේ අදහස දැන කල්ප වෘක්‍ෂයෝ වෙති. පණස් වරක් දේවෙන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කෙළෙමි.
’’මම එක් පණස් වරක් සක්විති රජ වීමී. (කරවණ ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය.
’’මින් සානූවන කපෙහි වූ එකල්හි යම් (ගිතෙල්) දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිරිසිදු ගිතෙල් දනෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඝත මණ්ඩදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඝතමණ්ඩදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.