ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

51. කණිකාර වග්ග

6. මාතුඞ්ගඵලදායක ථෙරාපදානය

’’පසළොස්වක් පොහෝ දිනයෙහි සඳු මෙන් දිලිසුන, කිණිහිරි රුකක් වැනි, ප්‍රදීප වෘක්‍ෂයක් මෙන් බබලන, ලෝකනායකවූ බුදුරජුන් දුටිමි.

’’මම නාරන් ගෙඩියක් ගෙන දක්‍ෂිණාර්‍හ දීමට සුදුසුවූ, ප්‍රාඥවූ, ශාස්තෘන් වහන්සේට පහන්වූයේ සියතින් දුනිමි.

’’මින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් මාතුඞ්ගඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

මාතුලුඞ්ගඵලදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.