ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
51. කණිකාර වග්ග
5. වාරඵලිය ථෙරාපදානය
’’මම ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, වීථියට පිළිපන්, ස්වර්‍ණ වර්‍ණවූ සම්බුදුරජුන්හට වාර ඵලයක් දුනිමි.
’’මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම් වාරඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාරඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාදඵලියත්ථෙරස්සාපදානං පඤ්චමං.