ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
51. කණිකාර වග්ග
4. අවට ඵලිය ථෙරාපදානය
’’පස් මරුන් දිනූ, සියල්ල තෙමේම අවබෝධකරගත්, දහසක් රැස් ඇති භාග්‍යවත් තෙමේ විවේක (සමාධි)යෙන් නැගිට පිඬු පිණිස නික්මුණසේක.
’’(එසේ නික්මුණු) නරශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක මම (අවට) ඵලයක් ගත් අත් අත් ඇත්තේ, උන්වහන්සේ වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ (එම) අවට ඵලයක් දුනිමි.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් අවට ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවට ඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අවටඵලියත්ථෙරස්සාපදානං චතුත්ථං.