ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

51. කණිකාර වග්ග

3. කාසුමාරි ඵලදායක ථෙරාපදානය

’’පිපීගිය කිණිහිරි රුකක් සේ බබලන, කඳු අතරෙහි වැඩහුන්නාවූ, (කෙළෙස්) රජස් විරහිත, ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුරජුන් දුටිමි.

’’මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, හිසෙහි ඇඳිලි බැඳ, ඇත්දෙමට (ගෙඩියක්) ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.

’’මින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඇත්දෙමට ඵලයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාසුමාර ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

කාසුමාරඵලියත්ථෙරස්සාපදානං තතියං.