ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
51. කණිකාර වග්ග
8. අමොදඵලිය ථෙරාපදානය
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ස්වර්‍ණවර්‍ණවූ, වීථියට පිළිපන්නාවූ සම්බුදුරජුන් (දැක) අමොදඵලයක් දුනිමි.
’’මින් එක්අනූවන කපෙහි වු එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අමොදඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අමොදඵලියත්ථෙරස්සාපදානං අට්ඨමං.