ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

53. තිණදායක වග්ග

7. ගිරිනෙලපූජක ථෙරාපදානය

’’මම පෙර වනයෙහි හැසිරෙන්නාවූ වැද්දෙක්වීමි. (එකල්හි) සියළු දහම්හි කෙළ පැමිණි (කෙළෙස්) රජස් විරහිත බුදුරජුන් දුටිමි.

සව්සතුන් කෙරෙහි යහපත කිරීමෙහි ඇළුණු, මහා කාරුණීකවූ උන්වහන්සේ කෙරෙහි පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ ගිරිනිල් මල් පිදීමි.

’’මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගිරිනෙලපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

ගිරිනෙලපූජකත්ථෙරස්සාපදානං සත්තමං.