ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

53. තිණදායක වග්ග

6. දණ්ඩදායක ථෙරාපදානය

’’මම එකල්හි මහ වනයට පිවිස, හුණ (දණ්ඩක්) කපා, එල්බෙන ලීයක් (සැරයටියක්) කොට සංඝයාට දුනිමි.

’’එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන, මනා ව්‍රත ඇති සංඝයාට වැඳ ආලම්බන දණ්ඩ (සැරයටිය) දී උත්තර දිශාභිමුඛව ගියෙමි.

’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ආලම්බන දණ්ඩයක් (සැරයටියක්) දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සැරයටි දීමෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් දණ්ඩදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

දණ්ඩදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.

තෙවීසතිමං භාණවාරං.