ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
53. තිණදායක වග්ග
5. සුපට දායක ථෙරාපදානය
’’විපස්සී බුදුරජතෙම දිවා විහරණයෙන් නික්මුණහ. මම (උන්වහන්සේ දැක) සැහැල්ලුවූ මනා වස්ත්‍රයක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමි.
’’මින් එක් අනූවන කපෙහි මනාවූ වස්ත්‍රයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මනාවූ වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපට දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුපටදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.