ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
54. කච්චාන වග්ග
1. මහා කච්චාන ථෙරාපදානය
’’මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි නොපැරදවිය හැකි, මර රුපුනුදු ජය ගත්තාවූ, ලෝකනායකවූ පදුමුත්තර නම් බුදුරජතෙමේ ලොව පහළවූහ.
’’වීරවූ, පියුම් පතක් බඳු ඇස් ඇති, සඳු මෙන් පිරිසිදු මුහුණක් ඇති, කතක පර්‍වතයක් (රත්රන් කන්දක්) මෙන් බබලන්නාවූ, හිරුරැසට බඳු පැහැ ඇති,
’’සත්ත්‍වයන්ගේ නෙත් සිත් පැහැරගන්නාවූ, උතුම් (දෙතිස් මහා පුරිස්) ලකුණින් සරසන ලද්දාවූ, සියළු (වර්‍ණනාත්මක) කථා මාර්‍ගය ඉක්මවන ලද්දාවූ, දෙවි මිනිසුන් විසින් සත්කාර කරන ලද්දාවූ,
’’(මාර්‍ග) ස්වරවූ, මධුර ස්වර ඇත්තාවූ, (සිව්) පිරිස්හි විශාරද, (නිර්භය)වූ, සම්‍යක් සම්බුදුරජ තෙමේ සත්ත්‍වයනට (දහම්) අවබෝධ කරවමින්,
’’සිව් සස් සහිතවූ මිහිර දහම් දෙසති. මොහය (මුලාව) නමැති මඩෙහි ගැලුන සත්ත්‍වයන් (ඉන්) ගොඩලති.
’’හිමව් (පව්ව) වාසස්ථානකොට ඇති තව්සෙකුවූ (මම) එකල්හි එකලාව හැසිරෙන්නේව අහසින් මිනිස් ලොවට යන්නේ බුදුරජුන් දුටිමි.
’’(මම) වීරවූ ශ්‍රවකයෙකු පිළිබඳ මහත්වූ ගුණය වර්‍ණනය කරන්නාවූ ඒ බුදුරජාණන් වහන්සේගේ සමීපයට එළඹ (එම) දහම් දෙසුම් ඇසීමි.
’’යම්සේ මා විසින් සංක්‍ෂිප්ත වශයෙන් (ලුහුඬින් යමක්) කියන ලද නම් (එය) මේ කෘත්‍යායන තෙමේ විස්තර වශයෙන් පවසමින් පිරිසිඳ මාද තුටු කෙරෙයි.
’’මහණෙනි, මම මෙබඳුවූ අන්කිසි ශ්‍රාවකයෙකු නොදනිමි. එහෙයින් මෙතෙම අග්‍රය. එතදග්‍රස්ථානයෙහි ලා දරව්.’’
’’එකල්හි මම ඒ මනොඥ වචනය අසා හිමවතට ගොස් මල් රැසක් ගෙනවුත්,
’’ලෝකයට පිහිටවූ බුදුරජුන්හට පුදා එම තනතුර පැතීමි. ඒ බුදුරජතෙම එකල්හි මාගේ අදහස දැන (මෙසේ) පැවසූහ.
’’රත්කොට පිරිසිදු කළ ස්වර්‍ණයක (පැහැයට) බඳු සිවිය ඇති, උඩට නැමීගිය අග් සහිත ලොම් ඇති, සම්පූර්‍ණව (මසින් වැසුනාවූ) උරහිස් ඇති, නිශ්චලවූ, බඳැදිලිව සිටියාවූ, සතුටු කඳුලින් පිරීගිය ඇස් ඇති, බුදුරජුන්ගේ ගුණ වැනීමෙහි මෙහෙයන සිත් ඇති, අමා වගුරන ලද්දාක් මෙන්වූ (මූර්තිමත්වූ) ධර්‍මය වැනි උතුම් සිරුරක් ඇති මෙම ඎෂිවරයා (දෙස) බලව්.’’
’’(මෙතෙම) කච්චායනයන්ගේ ගුණ අසා, එම තනතුර පතමින් සිටියේය. (ගෞතම) මහා මුනීන්‍ද්‍රයන් වහන්සේගේ (සසුන පවත්නා) අනාගත කාලයෙහි,
’’එම බුදුරජුන්ගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙන්ම නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්ධපුත්‍රවූ, නම්න් ’’කච්චාන’’ නම් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.
’’යම්සේ මා විසින් මෙය පවසන ලද නම්, එසේම අනාගතයෙහි බහුශ්‍රුතයෙක්ව, මහ නුවණැතියෙක්ව, අදහස් දන්නා කෙනෙක්ව, එම තනතුරට පැමිණෙන්නේය’’ (කියායි.)
’’මින් සියක් දහස්වනකපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද. (ඒ හේතුවෙන්) මම දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’වේ ආත්ම බවෙහිද, මිනිස් ආත්ම බවෙහිද යන දෙආත්ම බවෙහි සැරිසරමි. (ඉන් පිටත්) අනික් ගතියකට නොයමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’කැත් කුලයෙහිද, යලි, බමුණු කුලයෙහිද යන දෙකුලයෙහිම උපදිමි. නීච කුලයෙහි නොඋපදිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’දැන් මේ පශ්චිම භවයෙහි උදේනි නගරයෙහි උපන්නේ වෙමි. චණ්ඩ ප්‍රද්‍යොත රජුගේ තිරීටවච්ඡ (නම්) පුරෝහිත බමුණාගේ පුත්‍රවූයේ, සියුම් නුවණැත්තේ, (සිව්) වේදයෙහි පරතෙරට ගියේ වීමි. මව්තොමෝ ’’චන්දිමා’’ නම් වූවාය. උතුම් සිවියක් (සමක්) ඇති මම කච්චාන නම් වෙමි.
’’බුදුරජුන් විමසන පිණිස රජු විසින් එවන ලද යම් ගුණ සමූහය ඇති, ලෝකනායකවූ බුදුරජුන්ද, මොක්පුර දොරටුව (නිර්‍වාණ වාරය) ද දැක,
’’(සසර) ගමන නමැති මඩ වියලන්නාවූ නිර්‍මල බුද්ධ වචනයද අසා පන්සියයක් දෙනා සමග ශාන්තවූ අමෘතයට (නිවනට) පැමිණියෙමි.
’’මහාමුනිවූ බුදුරජුන්ගේ අදහස් දන්නෙක් විය. මැනවින් සමෘද්ධවූ මනෝරථ (අදහස්) ඇත්තේ එතදග්‍රස්ථානයෙහි තබන ලද්දේ (වීමි.)
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මහාකච්චායනත්ථෙරස්සාපදානං පඨමං.