අංගුත්තර නිකාය

එක නිපාතය

12. ආපායික වර්ගය

121. තතිය සීලවිපත්ති සූත්‍රය

“මහණෙනි, මේ විපත්ති තුනෙකි. කවර තුනක්ද? කර්මාන්ත විපත්තියද ආජීව විපත්තියද දෘෂ්ටි විපත්තියද වෙත්. මහණෙනි, කර්මාන්ත විපත්තිය නම් කවරේද?

(මේ ඡෙදය මේ වර්ගයේ 5 සූත්‍රයේ 2 ඡෙදය මෙනි.) මහණෙනි, මේ කර්මාන්ත විපත්තියයි කියනු ලැබේ.

“මහණෙනි, ආජීව විපත්තිය නම් කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් මිථ්‍යාජීවය ඇත්තේ වෙයිද මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකාව කරයිද මහණෙනි, මේ ආජීව විපත්තියයි කියනුලැබේ

(මේ ඡෙදය මේ වර්ගයේ 5 සූත්‍රයේ 4 ඡෙදය මෙනි.) මහණෙනි, මෙය දිට්ඨි විපත්තියයි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි තුන් විපත්තීහු වෙති

“මහණෙනි, මේ සම්පත්ති තුනෙකි. කවර තුනෙක්ද? කර්මාන්ත සම්පත්තියද ආජීව සම්පත්තියද දෘෂ්ටි සම්පත්තියද වෙත්. මහණෙනි, කර්මාන්ත සම්පත්තිය කවරේද?

(මේ ඡෙදය මේ වර්ගයේ 7–6 සූත්‍රයේ 2 ඡෙදය මෙනි.) මහණෙනි, මේ කර්මාන්ත සම්පත්තියයි කියනු ලැබේ.

“මහණෙනි, ආජීව සම්පත්තිය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් යහපත් ආජීවය ඇත්තේ වෙයිද යහපත් ආජීවයෙන් ජීවිකාව කරන්නේ වෙයිද මහණෙනි, මේ ආජීව සම්පත්තියයි. කියනු ලැබේ.

(මේ ඡෙදය මේ වර්ගයේ 6 සූත්‍රයේ 4 ඡෙදය මෙනි)