අංගුත්තර නිකාය

එක නිපාතය

15. මංගල වර්ගය

146. අකුසල කම්ම සූත්‍රය

“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එසේම නිරයෙහි උපදියි. කවර තුනකින්ද?

“අකුසලවූ කාය කර්මයෙන්ද, අකුසලවූ වාක්කර්මයෙන්ද, අකුසලවූ මනොකර්මයෙන්ද වෙයි.

“මහණෙනි, මේ ධර්මතුනෙන් යුක්තවූ පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද එපරිද්දෙන් නිරයෙහි වැටෙයි.

“මහණෙනි, ධර්මතුනකින් යුත් පුද්ගලතෙමේ යම් සේ ගෙන එන ලද්දක් හෙලන්නේද එසේම ස්වර්ගයෙහි උපදියි. කවර තුනකින්ද යත්? 5. කුසල කාය කර්මයෙන්ද, කුසල වාක්කර්මයෙන්ද, කුසල මනොකර්ම යෙන්ද වෙයි. 6. “මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලතෙම ගෙන එන ලද්දක් හෙලුවාක්මෙන් ස්වර්ගයෙහි උපදියි.”