අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(20) 5. බ්‍රාහ්මණ වර්‍ගය (සොණ වර්‍ගය)

3. සංගාරව සූත්‍රය

ඉක්බිති සඞ්ගාරව නම් බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා. එකත්පසෙක ඉඳගත්තේය.

එකත්පසෙක උන්නාවූම සංගාරව නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් එක් කලෙක්හි බොහෝ කලක් සජ්ඣායනා කළාවූද මන්ත්‍රයෝ නොවැටහෙත්. සජ්ඣායනා නොකළාහු කියනුම කවරේද? ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් එක් කලෙක බොහෝ කලක් සජ්ඣායනා නොකළාවූද මන්ත්‍රයෝ වැටහෙත්. සජ්ඣායනා කළාහු කියනුම කවරේද? ඊට හේතු කිම, ප්‍රත්‍ය කවරේදැයි?

’’බ්‍රාහ්මණය, යම් කලෙක්හි කාම රාගයෙන් මඩනා ලද්දාවූ, කාම රාගයෙන් පෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද කාම රාගයාගේ දුරු කිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි, තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, යම්සේ ජල පාත්‍රය තෙම ලාකඩ දියෙන් හෝ කෂා වර්‍ණයෙන් හෝ නීල වර්‍ණයෙන් හෝ මදටිය පැහැයෙන් හෝ ගැවසුනේ වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛ නිමිත්ත බලන්නේ තත්වූ පරිද්දෙන් දැන නොගන්නේද, නොදන්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම බ්‍රාහ්මණය, යම් කලෙක්හි කාම රාගයෙන් මඩනා ලද්දාවූ, කාම රාගයෙන් පෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද කාම රාගයාගේ දුරු කිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි, තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.

යම් කලෙක්හි ක්‍රොධයෙන් මඩනා ලද ක්‍රොධයෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද. උපන්නාවූද ක්‍රොධයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය තෙම ගින්නෙන් තවන ලද්දේ කකියවන ලද්දේ. උනුකරණ ලද්දේ වේද, එහි ඇස් ඇති පුරුෂ තෙම ස්වකීය මුඛ මණ්ඩලය පරික්‍ෂා කර බලන්නේ තත්වූ පරිද්දෙන් දැන නොගන්නේද, නොදකින්නේද, බ්‍රාහ්මණය මෙපරිද්දෙන්ම යම් කලෙක්හි ක්‍රොධයෙන් මඩනා ලද ක්‍රොධයෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද. උපන්නාවූද ක්‍රොධයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද? තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.

’’යම් කලෙක්හි සිතෙහි හා කයෙහි අලසබවවූ ථීනම්ද්‍ධයෙන් වඩනාලද්දාවූ, ථීනම්ද්‍ධයෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ ථීනම්ද්‍ධයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද. තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, යම්සේ දියබඳුන තෙම සෙවෙල්, පරඬැල්වලින් ගැවසී ගන්නා ලද්දේ වේද, එහි ඇස් ඇති පුරුෂ තෙම ස්වකීය මුඛ මණ්ඩලය ප්‍රත්‍යවෙක්‍ෂාකරන්නේ තත්වූ පරිද්දෙන් දැන නොගන්නේද, නොදකින්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක්හි සිතෙහි හා කයෙහි අලසබවවූ ථීනම්ද්‍ධයෙන් වඩනාලද්දාවූ, ථීනම්ද්‍ධයෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ ථීනම්ද්‍ධයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද. තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද? තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.

’යම් කලෙක්හි උඩඟු බැවින් හා කුකුස් බැවින් මඩනා ලද, උඩඟු බැවින් හා කුකුස් බැවින් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද උද්ධච්චකුක්කුච්චයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය තෙම වාතයෙන් කම්පාවූයේ, සැළුනේ, කැරකුනේ. හටගත් ජල රල ඇත්තේ වේද, එහි ඇස් ඇති පුරුෂ තෙම ස්වකීය මුඛ මණ්ඩලය බලන්නේ තත්වූ පරිද්දෙන් දැන නොගන්නේද, නොදකින්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක්හි උඩඟු බැවින් හා කුකුස් බැවින් මඩනා ලද, උඩඟු බැවින් හා කුකුස් බැවින් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද උද්ධච්චකුක්කුච්චයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. යම් කලෙක්හි විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාවෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද. තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය තෙම අවුල්වූයේ. කැළඹුණේ. මඩවූයේ, අඳුරෙහි බහා තබන ලද්දේ වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙම ස්වකීය මුඛ මණ්ඩලය සොයා බලන්නේ. තත්වූ පරිද්දෙන් නොදන්නේද, නොදක්නේද, බ්‍රාහ්මණය, මෙරිද්දෙන්ම යම් කලෙක්හි විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාවෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද. තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, යම් කලෙක වනාහි කාම රාගයෙන් නොමඩනා ලද, කාම රාගයෙන් නොපෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ කාමරාගයාගේ දුරු කිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි තමහට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, යම් සේ දිය භාජනය තෙම ලාකඩ දියෙන් හෝ කෂා වර්‍ණයෙන් හෝ නීල වර්‍ණයෙන් හෝ මදටිය වර්‍ණයෙන් හෝ නොගැවසෙන ලද්දේ වේද, එහි ඇස් ඇති පුරුෂතෙම ස්වකීය මුඛ මණ්ඩලය පරීක්‍ෂාකර බලන්නේ, තත්වූ පරිද්දෙන් දැනගන්නේද, දකින්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම ’’බ්‍රාහ්මණය, යම් කලෙක වනාහි කාම රාගයෙන් නොමඩනා ලද, කාම රාගයෙන් නොපෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ කාමරාගයාගේ දුරු කිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි තමහට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. යම් කලෙක්හි ව්‍යාපාදයෙන් නොමඩනා ලද, ව්‍යාපාදයෙන් නොපෙලුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද ව්‍යාපාදයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය තෙම ගින්නෙන් නොතවන ලද්දේ, නොපැසවන ලද්දේ, උණු නොකරණ ලද්දේ වේද. එහි ඇස් ඇති පුරුෂතෙම ස්වකීය මුඛ මණ්ඩලය සොයා බලන්නේ, තත්වූ පරිද්දෙන් දැනගන්නේද, දකින්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක්හි ව්‍යාපාදයෙන් නොමඩනා ලද, ව්‍යාපාදයෙන් නොපෙලුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද ව්‍යාපාදයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. යම් කලෙක්හි ථීනම්ද්‍ධයෙන් නොමඩනා ලද්දාවූ, ථීනම්ද්‍ධයෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද ථීනම්ද්‍ධයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, යම් සේ දිය භාජනය තෙම සෙවෙල්, පරඬැල්වලින් නොගැවසෙන ලද්දේද, එහි ඇස් ඇති පුරුෂතෙම ස්වකීය මුඛ මණ්ඩලය සොයා බලන්නේ තත්වූ පරිද්දෙන් දැනගන්නේද, දැකගන්නේද. බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක්හි ථීනම්ද්‍ධයෙන් නොමඩනා ලද්දාවූ, ථීනම්ද්‍ධයෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද ථීනම්ද්‍ධයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. යම් කලෙක්හි උද්‍ධච්චකුක්කුච්ඡයෙන් නොමඩනා ලද්දාවූ. උද්‍ධච්චකුක්කුච්ඡයෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද උද්‍ධච්චකුක්කුච්ඡයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය තෙම සුළඟින් කම්පා නොවූයේ, නොසැලුනේ. නොකැරකුණේ, හටගත් රළ නැත්තේ වේද, එහි ඇස් ඇති පුරුෂතෙම ස්වකීය මුඛ මණ්ඩලය පරීක්‍ෂා කරන්නේ තත්වූ පරිද්දෙන් දැනගන්නේද, දැකගන්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම, යම් කලෙක්හි උද්‍ධච්චකුක්කුච්ඡයෙන් නොමඩනා ලද්දාවූ. උද්‍ධච්චකුක්කුච්ඡයෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද උද්‍ධච්චකුක්කුච්ඡයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. යම් කලෙක්හි විචිකිච්ඡාවෙන් නොමඩනා ලද්දාවූ. විචිකිච්ඡාවෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය තෙම නිර්‍මලවූයේ, විශෙෂයෙන් පැහැදුනේ, නොකැළඹුනේ, ආලෝකයෙහි තබන ලද්දේ වේද, එහි ඇස් ඇති පුරුෂතෙම ස්වකීය මුඛ මණ්ඩලය සොයා බලන්නේ, තත්වූ පරිද්දෙන් දැනගන්නේද, දැකගන්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක්හි විචිකිච්ඡාවෙන් නොමඩනා ලද්දාවූ. විචිකිච්ඡාවෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

’’බ්‍රාහ්මණය, යම්හෙයකින් එක්කලෙක බොහෝ කලක් හදාළාවූද මන්ත්‍ර නොවැටහෙත්. නොහදාළාහු කියනුම කවරේද? ඊට මේ හේතුව වේ. මේ ප්‍රත්‍යවේ. බ්‍රාහ්මණය, යම් හෙයකින් එක්කලෙක බොහෝ කලක් නොහදාළාවූද, මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේදැයි යන මෙයට මේ හේතුව වේ. මේ ප්‍රත්‍ය වේය’’ යි වදාළ සේක..

’’භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’