අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(23) 3. දීඝ චාරිකා වර්‍ගය

2. දුතිය දීඝචාරිකා සූත්‍රය

’’මහණෙනි, දික්වූ හැසිරීමෙහි, අනියම් හැසිරීමෙහි යෙදී වාසය කරන්නහුට මේ දෝෂ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? නොලබන ලද්ද නොලබයි. ලබන ලද්ද පිරිහෙළයි. ලබන ලද සමහරකින් නිර්භය නොවෙයි. දැඩිවූ රෝගාබාධ ස්පර්‍ශ කරයි. මිත්‍රයන් ඇත්තේද නොවේ, යන පසයි.’’

’’මහණෙනි, දික්වූ හැසිරීමෙහි, අනියම් හැසිරීමෙහි යෙදී වාසය කරන්නහුට මේ දෝෂ පසක් වෙත්.

’’මහණෙනි, නියමකරණලද හැසිරීමෙහි, මේ අනුසස් පසක් වෙත්.

’’කවර පසක්ද යත්? නොලබන ලද්ද ලබයි. ලබන ලද්ද නොපිරිහෙයි. ලබන ලද සමහරකින් නිර්භය වේ. දැඩිවූ රෝගාබාධ ස්පර්‍ශ නොකරයි. මිත්‍රයන් ඇත්තේද වෙයි, යන පසයි.’’

’’මහණෙනි, නියමකරණලද හැසිරීමෙහි, මේ අනුසස් පසක් වෙත්.