අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(9) 4. ථෙර වර්‍ගය
9. පඨම සෙඛභික්ඛු සූත්‍රය
’’මහණෙනි, මේ ධර්‍ම පස ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්.
’’කවර පසක්ද යත්, නවකර්‍මාන්තයෙහි ඇළුනු බවය, කථාබස් කිරීමෙහි ඇළුනු බවය, නිදාගැණීමෙහි ඇළුනු බවය, සමූහයා සමග එක්වීමෙහි ඇළුනු බවය, මිදුනු පරිදි සිත ප්‍රත්‍යවෙක්‍ෂා නොකිරීමය යන මේ පසයි.
’’මහණෙනි, මේ ධර්‍ම පස ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්.
’’මහණෙනි, මේ කරුණු පසක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්.
’’කවර පසක්ද යත්, කර්‍මාන්තයන්හි නොඇළුනු බවය, කථාබස් කිරීමෙහි ඇළුනු නැති බවය, නිදාගැණ්මෙහි ඇල්ම නැති බවය, සමූහයා සමග එක්ව වාසය කිරීමෙහි ඇළුනු නැති බවය, මිදුනාවූ පරිදි සිත ප්‍රත්‍යවෙක්‍ෂා කිරීමය යන මේ පසයි.
’’මහණෙනි, මේ කරුණු පසක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්.