ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
1. එකක නිපාතය
3. චිත්ත වර්ගය
7. මෙත්තාවාච සූත්‍රය
“මහණෙනි, උපදවන්නාවූ යම්කිසි පුණ්‍යක්‍රියාවෝ වෙද්ද, ඒ හැම පින්කිරියවත් මෛත්‍රී චෙතො විමුක්තියගේ ත්‍රික චතුෂ්කධ්‍යාන සම්පත්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොඅගිත්. චෙතො විමුක්තියයි කියනලද මෛත්‍රිය ඒ පින් කිරියවත් මැඩගෙන බබළාමය, තවයි, විශෙෂයෙන් බබළයි.”
“මහණෙනි, මෙසේ වනාහි උපධි සම්පත්තිය පිණිස පවත්නාවූ යම් පුණ්‍ය ක්‍රියා වස්තූහු වෙද්ද, ඒ සියල්ලන් මෛත්‍රී චෙතො විමුක්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොවටිත්. මෛත්‍රී චෙතෝ විමුක්ති තොමෝ ඒ පින් කිරියවත් මැඩ පවත්වා බබළාමය, අතිසයින් තවයි. (එහෙයින්ම) විශෙෂයෙන් බබළයි.”
“මහණෙනි, යම්සේ වනාහි වර්ෂා මාසයන්ගේ අන්තිම (ඉල්) මාසයෙහි සරත් කාලයෙහි වැසි දුරුවූ කල්හි පහවූ වලාකුල් ඇති අහසෙහි සඳ (උදාවූ තැනින්, අහස මුදුනට නගින්නේ අහසට ගිය සියලු අඳුරු නසා බබළාද, දිළියේද, වෙසෙසින් බබළාද, එපරිද්දෙන්ම මහණෙනි, ආත්මභාව සමාධිය පිණිස පවත්නාවූ යම්කිසි පින් කිරියවත් කෙනෙක් ඇද්ද, සියලු ඒවා මෛත්‍රී චෙතොවිමුක්තියගේ සොළොස්වන කොටසින් කොටසටද නොවටිත්’ මෛත්‍රීචෙතොවිමුක්තියම ඒවා මැඩ බබළාමය, වොරජනේම, වෙසෙසින් බබළාමය,
“මහණෙනි, යම්සේ වනාහි රැයේ අලුයම් වේලෙහි දවහත් (සිකුරු) තරුව බබළාද, දිළියේද, වෙසෙසින් බබළාද, එපරිද්දෙන්ම මහණෙනි, උපධිසම්පත්තිය පිණිස පවත්නාවූ යම්කිසි පින් කිරියවත් කෙනෙක් වෙද්ද, ඒ සියල්ලෝ මෛත්‍රී චෙතො විමුක්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොවටිත්. මෛත්‍රී චෙතො විමුක්ති තොමෝම ඒ පින් කිරියවත් මැඩ බබළාමය, වොරජනේමය, වෙසෙසින් බබළාමය”යි.
“භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. “යමෙක් වනාහි සිහි ඇත්තේ අප්‍රමාණවූ මෛත්‍රිය වඩාද, නිවන දක්නාහුගේ තුනීවීමෙන්, උපධික්ෂය නම් අර්හත් ඵලයට පැමිණ එය දන්නහුගේ (දස සංයොජනයෝම) තුනීවෙත්.
“එකසත්වයෙකුටද දූෂිත නොවූ සිත් ඇත්තේ මෛත්‍රිය කෙරේද, ඒ මෛත්‍රියෙන් අතිශයින් කුසල් ඇත්තෙක්වේ. සියලු සතුන්ට සිතින් අනුකම්පා කරන්නාවූ ආර්ය තෙම බොහෝ පින් කෙරෙයි.
“යම් සත්ව කෙනෙක් සත්ව සමූහයාගෙන් ගැවසීගත් පොළොව ජයගෙන තවුසන් වැනි දැහිමි රජවරු දන්දෙමින් හැසුරුණාහුද, අශ්ව මෙධය පුරුෂ මෙධය සම්මාපාසය වාචපෙය්‍යය නිරග්ගළයයි (යන යාග) කළාහුද “සියලු තරු සමූහයෝ එසඳඑළියේ සොළොස් වන කලාවෙන් කලාවටද නොපැමිණෙත් ඒ අශ්වමෙධාදී යාගයෝ මනාව වැඩූ මෙත් සිතගේ සොළොස්වන කලාවෙන් කලාවටද නොපැමිණෙත්.
“යම් පුද්ගලයෙක් තෙම (කිසි සත්වයෙකු) නොවෙහෙසාද, (අනුන්ලවා) නොවෙහෙසවාද, නොදිනාද, (අනුන්ලවා) ධන හානිය නොකරවාද, (හෙතෙම) මෛත්‍රී අවයව ඇත්තේවේ. (එහෙයින්ම) කිසි කරුණකින් ඕහට අකුශල වෛරයෙක් නැත, (නොහොත්) කිසි පුරුෂයෙකු සමග වෛරයෙක් නැතැයි.”
චිත්ත වර්ගය නිමි.
එකක නිපාතය නිමි.