ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
3. තික නිපාතය
2. පුණ්‍යක්‍රියා වර්ගය
2. චක්ෂුස් සූත්‍රය
“මහණෙනි, මේ ඇස් තුනෙකි. කවර තුනෙක්ද යත්? මසැසය දිවැසය නුවණ ඇසය. මහණෙනි, මේ වනාහි ඇස්තුනයයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“පුරුෂයනට උතුම්වූ සම්මාසම්බුද්ධයන් වහන්සේ මසැසය, (ප්‍රකෘතියෙන් පිහිටි ඇස) දිවැසය, නිරුත්තරවූ නුවණ ඇසය (යන) මේ ඇස්තුන වදාළසේක.
“මසැසගේ ඉපදීම දිවැසට උපාය හෙවත් කරුණු වේ. යම්කලෙක්හි ඥානය පළවේද, යම් නුවණැසකගේ ලැබීමෙන් සියලු සසර දුකින් මිදේද, ඒ නුවණ ඇස නිරුත්තර වේයයි”