සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
2. සත්තධාතු වර්ගය
11. අප්පස්සුත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූ පිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත් බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නා ලද වීර්ය ඇත්තෝ පටන්ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. පටන්ගන්නා ලද වීර්ය ඇත්තෝ පටන්ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. පටන්ගන්නාලද වීර්ය ඇත්තෝ පටන්ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.
“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නාලද වීර්යය ඇත්තෝ පටන්ගන්නාලද වීර්යය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක් වෙත්. සමගිවෙත්.
(අප්පස්සුත 1 සූත්‍රය නිමි.)
අප්පස්සුත සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මුළාවූ සිහි ඇත්තෝ මුළාවූ සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූ පිරූතැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහිඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූතැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.
“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වෙත් සමගිවෙත්. සිහිමුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්.
(අප්පස්සුත 2 සූත්‍රය නිමි.)