සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

3. දිට්ඨි සංයුත්තය

2. පෙය්‍යාල වර්ගය

18. තථාගත සූත්‍රය (4)

(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1692 වෙනි පිටේ තථාගත සූත්‍රය මෙනි.)

[5] “මහණෙනි, මෙසේ වනාහි දුක ඇති කල්හි දුක නිසා දුකට පැමිණ ‘මරණයෙන් පසු සත්ත්වතෙමේ නොවේමය, නොවන්නේත් නොවේය’ යන දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”