සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
11. වලාහක සංයුත්තය
3–12. අන්නදායක සීතවලාහක සූත්‍ර දහය
3. අන්නදායක සීතවලාහක සූත්‍රය
(මේ සූත්‍රය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීත වලාහක කොටසට අයත් දෙවියන් හා එක්වීමට පැමිණේද, ස්වාමීනි, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරේද, වචනයෙන් සුචරිතයෙහි හැසිරේද, සිතින් සුචරිතයෙහි හැසිරේද, සීත වලාහක කොටසට අයත් දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුල කොට ඇත්තාහයි ඔහු විසින් අසනලද්දේ වෙයි. ඕහට මෙබඳු සිතෙක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීතවලාහක කොටසට අයිති දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් හොඳය’ කියායි.
‘හෙතෙම ආහාර දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීත වලාහක කොටසට අයත් දෙවියන් හා එක්වීමට පැමිණෙයි. යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීත වලාහක කොටසට අයත් දෙවියන් හා එක්වීමට පැමිණේද, මහණ එයට මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
(3 වෙනි සූත්‍රයෙහි “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට මෙහි පහත දක්වන වචන 4 වෙනි සූත්‍රයේ පටන් 12 වෙනි සූත්‍රය දක්වා යොදාගත යුතුයි.)
4. හෙතෙම පානය කළයුතු දේ දෙයි - පානදායක සූත්‍රය
5. ” වස්ත්‍ර ” - වත්ථ ” ”
6. ” යානාවන් ” - යානා ” ”
7. ” මාලාවන් ” - මාලා ” ”
8. ” සුවඳ ” - ගන්ධ ” ”
9. ” විලවුන් ” - විලෙපන ”
10. ” සයනයන් ” - සෙය්‍ය ” ”
11. ” ආවාස ” - ආවසථ ” ”
12. ” පහන් ” - පදීපෙය්‍ය සූත්‍රය