සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
11. වලාහක සංයුත්තය
57. වස්ස සූත්‍රය
(මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක අධික වර්ෂාව ඇතිවේද, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, වස්ස වලාහක නම් දේවතාවෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක (මෙබඳු) සිතෙක් වෙයි. ‘අපි ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ යනුයි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම සමගම මහා වැසි වසියි, යම් හෙයකින් ඇතැම් දිනක මහ වැසි වසියිද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
සත්තපඤ්ඤාසසුත්තන්තං නිට්ඨිතං.
එකොළොස්වෙනි වලාහක සංයුත්තය නිමි.
දේසනා සූත්‍රය, සුචරිත සූත්‍රය, දානුපකාර සූත්‍ර පනසය. සීත සූත්‍රය, උණ්හ සූත්‍රය, අබ්භ සූත්‍රය, වාත සූත්‍රය සහ වස්ස සූත්‍රය දැයි මේ වලාහක සංයුත්තයෙහි සූත්‍ර පනස් හතකි.