සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

12. වච්ඡගොත්ත සංයුත්තය

1. අඤ්ඤාණ සූත්‍රය

[1] ඉක්බිති වච්ඡගොත්ත නම් පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු සිහිකටයුතු කථාවන් කොට නිමවා එකත් පසෙක උන්නේය. එකත් පසක හුන් ඒ වච්ඡගොත්ත පරිබ්බාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

[2] “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්‍යය කියා හෝ ලෝකය නිත්‍ය නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ එයම ජීවයයි එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ වේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි. නොවන්නේද නොවෙයිද’ කියා හෝයි ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”

[3] “වච්ඡය රූපයෙහි නොදැනීම නිසා රූපයන් හට ගැනීමේ හේතුව නොදැනීම නිසා රූප නිරුද්ධවීමෙහි නොදැනීම නිසා රූප නිරුද්ධ වීමේ ප්‍රතිපදාව නොදැනීම නිසා මේ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්.

[4] “ලෝකය නිත්‍යය කියා හෝ ලෝකය නිත්‍ය නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ එයම ජීවයයි එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ වේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ නොවේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ නොවන්නේදවෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ යන දෘෂ්ටීහුය.

“වච්ඡය, යම් හේතුවකින් ලෝකය නිත්‍යය කියා හෝ ලෝකය නිත්‍යනොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ එයම ජීවයයි එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ වේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ වන්නේද වෙයි නොවන්නේද වෙයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ යන දෘෂ්ටීහුය.”