සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
2. වේදනා සංයුත්තය
1. සගාථ වර්‍ගය
9. අනිචච සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, අනිත්‍යවූද, ප්‍රත්‍යයන් විසින් එක්ව සකස් කරණ ලද්දාවූද, හේතූන් නිසා පහළවූද, ක්‍ෂයවන ස්වභාව ඇත්තාවූද, විනාශවන ස්වභාවය ඇත්තාවූද, නොඇලියයුතු ස්වභාවය ඇත්තාවූද, නිරුඬ කළයුතු ස්වභාවය ඇත්තාවූද, වේදනා තිදෙනෙකි. ඒ කවරහුද? සැප වේදනාව, දුක් වේදනාව, සැපද නොවූ දුක්ද නොවූ වේදනාව යන තුනයි. ,මහණෙනි, මොවුහු අනිත්‍යවූද, ප්‍රත්‍යයන් විසින් සකස් කරණ ලද්දාවූද, නොඇලියයුතු ස්වභාවය ඇත්තාවූද, හේතූන් නිසා පහළවූද, ක්‍ෂයවන ස්වභාවය ඇත්තාවූද, විනාශවන ස්වභාව ඇත්තාවූද, නිරුඬ කළයුතු ස්වභාවය ඇත්තාවූද, වේදනාවෝ වෙත්.