සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
3. උදායි වර්ගය
8. නිබ්බේධ භාගිය සූත්‍රය
“මහණෙනි, නුඹලාට කෙලෙස් බිඳ දැමීම් පක්ෂයෙහි සිටි (නිබ්බේධ භාගිය) මාර්ගය දෙශනා කරන්නෙමි, එය මනා කොට අසව්. මහණෙනි, කෙලෙස් බිඳ දැමීම පක්ෂයෙහි සිටි මාර්ගය කවරේද? යම් මේ බොජ්ඣංගයෝ සත්දෙනෙක්වෙත්ද? (ඔව්හුය) ඒ සත කවරහුද යත්?
(මේ ඡෙදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි. 2722 වෙනි පිට)
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ, බොජ්ඣංගයෝ සත්දෙන කෙලෙස් බිඳ දැමීම පිණිස පවත්නාහුද” යනුයි.
“උදායී, මේ සස්නෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත සති සම්බොජ්ඣංගය වඩයිද හෙතෙම සති සම්බොජ්ඣංගය වඩනලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලොභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වෙෂ සමූහය බිඳ දමයි. පලාදමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මොහ සමූහය බිඳ දමයි, පලා දමයි.
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ නිරොධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද පෙර නොපලනලද ලොභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වෙෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මොහ සමූහය බිඳ දමයි. පලා දමයි.
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත විරිය සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම විරිය සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලොභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වෙෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මොහ සමූහය බිඳ දමයි. පලා දමයි.
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත පීති සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම පීති සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලොභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වෙෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මොහ සමූහය බිඳ දමයි. පලා දමයි.
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලොභ සමූහය බිඳ දමයි පලා දමයි පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ද්වෙෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මොහ සමූහය බිඳ දමයි. පලා දමයි.
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත සමාධි සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම සමාධි සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳිනලද, පෙර නොපලන ලද ලොභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වෙෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මොහ සමූහය බිඳ දමයි. පලා දමයි.
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලොභ සමූහය බිඳ දමයි. පලා දමයි පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ද්වෙෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මොහ සමූහය බිඳ දමයි. පලා දමයි.
උදායි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ, සප්ත බොධ්‍යංගයෝ නිවන් පිණිස පවතින්නාහ යනුයි”