ඛුද්දකනිකායෙ

ථෙරගාථාපාළි

19. පනස්වෙනි නිපාතය

19.1. තාලපුට තෙරුන්ගේ ගාථා

මං මේ කල්පනා කරන්නෙ දිය ඇලි ගලනවනාන්තරයකට ගිහින් හුදෙකලාවේම තණ්හාවක් නැතිසිතින් කල් ගෙවන්නෙ කවදාද කියලා. ඇත්තෙන්ම මංකවදාද මේ සියලූ භවයන් අනිත්‍ය වශයෙන් විදර්ශනාකරන්නෙ? මං කවදාද මගේ මේ අදහස් ඉෂ්ට කරගන්නෙ?

ඉරිච්චි සිවුරක් පොරවාගෙන ඉන්න මුනිවරයෙක්වෙලා මාත් කසාවතක් පොරවා ගන්නෙ කවදාද?මමත්වයක් තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නෙකවදාද? රාග, ද්වේෂ, මෝහ සිතින් ඉවත් කරල මහාවනාන්තරයක සැනසිල්ලේ කල් ගෙවන්නෙ කවදාද?

මේක අනිත්‍ය ශරීරයක්. නොයෙක් ලෙඩ හැදිලවේදනා විඳිනවා. ජරා මරණවලින් පීඩා විඳින කැදැල්ලක්වගෙයි. ඉතින් මාත් මේ ශරීරය විදර්ශනය කරල කිසිබයක් නැතිව තනියම මහා වනාන්තරයේ කල් ගෙවන්නෙකවදාද?

මේ තණ්හාව කියන්නෙ බිය උපදවන දෙයක්. දුක්ලබා දෙන දෙයක්. වැල්පටක් වගේ එතිල තියෙන්නෙ.ඉතින් මාත් ප්‍රඥාවෙන් හදපු තියුණු කඩුවක් අරගෙන ඒවැල්පොට කෑලිවලට කපල දාන්නෙ කවදාද? මගේ මේඅදහස් මං ඉෂ්ට කර ගන්නෙ කවදාද?

සමථ විදර්ශනා නමින් සිංහාසනයක් තියෙනවා.රහතුන්ගේ උග්‍ර තේජස් ඇති ප්‍රඥාවෙන් හදපු ආයුධතියෙනවා. ඉතින් මමත් ඒ සිංහාසනයේ වාඩිවෙලා ඒආයුධ දරාගෙන මේ මාර සේනාවට දරුණු විදිහට පහරදෙන්නෙ කවදාද? මං මේ අදහස් ඉෂ්ට කර ගන්නෙ කවදාද?

මං හරි ආසයි සත්පුරුෂ ආශ්‍රයට, ධර්මය ගරු කරන සත්‍යය අවබෝධ කළ අකම්පිත සිත් ඇති ඉඳුරන්ජයගත්තු ඒ සත්පුරුෂ උතුමන් සමග මාත් එකතු වෙලාහැසිරෙන්නෙ කවදාද?

මං හරි ආසයි නිවන අවබෝධ කරගන්ට. ඉතින්මාත් කම්මැලි නැතිව, සා පිපාසා නැතිව, අව් සුළං පීඩානැතිව, මැසි මදුරු සර්පයන්ගෙන් පීඩා නැතිව, කන්දෙගුහාවක නවතින්ට යන්නෙ කවදාද? මගේ ඒ අදහස මංඉෂ්ට කරගන්නේ කවදාද?

මහා ඉසිවර බුදු සමිඳුන් විසිනුයි, මේ චතුරාර්යසත්‍ය ධර්මය අවබෝධ කරගත්තෙ. ඉතින් අවබෝධ කරන්ටදුෂ්කර වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය හොඳට සිහිය පිහිටුවාගෙන සමාධිය ඇති කරගෙන ප්‍රඥාව දියුණු කරගෙනමාත් අවබෝධ කරගන්නෙ කවදාද? මගේ මේ අදහස මංඉෂ්ට කර ගන්නෙ කවදාද?

සමාධියක් ඇති කරගන්ට මං හරි කැමතියි. ඉතින්ඒ සමාහිත සිතින් මේ අප්‍රමාණ රූප, ශබ්ද, ගන්ධ, රස,පහස, අරමුණු ඔක්කොම ඇවිලූණ ගින්නක් වගේප්‍රඥාවෙන් දකින්නෙ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ටකරගන්නෙ කවදාද?

නපුරු වචන අසන්ට ලැබුණොත් ඒ ගැන දුකක්නැතිව මං ඉන්නෙ කවදාද? මට ප්‍රශංසා කරද්දී ඒප්‍රශංසාවෙන් මං උදම් නොවී ඉන්නෙ කවදාද? මගේ මේඅදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?

මං තුළත්, මගෙන් බාහිරත් මේ පංචඋපාදානස්කන්ධ ඔක්කොම ලී කැබලි විදිහට, තණකොළවිදිහට, නුවණින් දකින්නෙ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?

වැස්ස කාලෙට මහ වනාන්තරයෙ රහතුන් වැඩියමග මාත් සිවුරු දරාගෙන යන කොට ඒ වැස්සෙන් තෙමිතෙමී මං යන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ටකරගන්නෙ කවදාද?

මහ වනාන්තරයෙ කඳු අතරෙ ඉන්න මොණරුනාද කරනවා. එතකොට ඒ හඬට ඇහැරිලා යහනින්නැගිටලා නිවන් අරමුණු කරගෙන මං භාවනා කරන්නෙකවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?

ගංගා, යමුනා, සරස්වතී වගේ මහා ගංගා තියෙනවා.ඉතා භයානක ප්‍රපාත තියෙනවා. විශාල වැව් තියෙනවා.ඒවා පයින් ස්පර්ශ නොකොට මං ඉර්ධි බලයෙන් එතෙරවන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නෙකවදාද?

ඇත් රැලෙන් වෙන්වෙච්ච හස්ති රාජයෙක් වගේ,මේ පංචකාමයන් තුළ තියෙන සුන්දර විදිහට පෙනෙනමේ සියලූ අරමුණුවලට ඇති ආශාවෙන් වෙන්වෙලා මංභාවනා කරන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ටකරගන්නෙ කවදාද?

ණයක් අරගෙන දුක් විඳින දිළින්දෙකුට නිධානයක්හම්බවුණා වගේ, මහා ඉසිවර බුදු සමිඳුන්ගේ ශාසනයඅවබෝධ කරගෙන ඉතිරී ගිය සතුටින් මං වාසය කරන්නෙකවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?

ඒයි, සිත! අවුරුදු ගණනාවක් තිස්සෙ පුල පුලාබලා ඉඳලා නේද මේ ගිහි ජීවිතය අත්හැරියේ. නුඹ මටපැවිදි වෙන්ට කොයිතරම් බල කෙරුවාද? ඔන්න මම දැන් මහණ වුණා. ඒයි සිත! දැන් නුඹ භාවනා නොකරන්නෙඇයි?

ඒයි සිත! නුඹ මගෙන් ඉල්ලා සිටිය නේදවනාන්තරයට යන්න කියල. කඳු අතර කුරුල්ලො නාදකරද්දී දිය ඇලි ගලා බසිද්දී ගල් තලාවක් මත ඉඳගෙනභාවනා කරන්ට කීවා නේද? නුඹ ඒ ගැන ගොඩක් ආශාවෙන්ඉන්නවා, කියල කීවා නේද?

ඒයි සිත! නුඹගේ ඉල්ලීමට මං ගෙවල් දොරවල්අත්හැරියා. නෑ හිත මිතුරන් අත්හැරියා. කෙළි සෙල්ලම්අත්හැරියා. හැම කාම ගුණයක්ම අත්හැරියා. මහණ වුණා.ඔන්න මං වනාන්තරයටත් ආවා. එහෙත් නුඹ දැන් මොකදමාව නිවන් මගේ යොදවල සතුටු නොකරන්නෙ?

ඒයි සිත! ඔය සිත වෙන කෙනෙකුගෙ නොවෙයි.මගේ කියලයි සලකන්ට තියෙන්නෙ. ඔන්න මං දැන්කෙලෙස් යුද්ධයට ලෑස්ති වෙනවා. දැන් මොකද නුඹවැළපෙන්නෙ? මේ හැම දෙයක්ම නැසී යන ස්වභාවයෙන්යුක්ත බව මං තේරුම් ගත්තා. ඒ නිසයි මං අමා නිවනසොයාගෙන අභිනිශ්ක්‍රමණය කළේ.

ඒයි සිත! නුඹ දන්නවාද? ඉතා යහපත් දේ පවසනපුරුෂෝත්තම වූ මහා වෛද්‍යවරයා වූ පුරිසදම්ම සාරථී වූබුදු සමිඳුන් සිත ගැන වදාළ දේ. සිත කියන්නෙ චපලදෙයක්. වනාන්තරයේ හැසිරෙන වඳුරෙක් වගෙයි. රාගයදුරු නොකළ කෙනාට සිත පාලනය කිරීම ඉතාම දුෂ්කරයි.

පෘථග්ජන සත්වයා ඉන්නෙ අවිද්‍යාව තුළ. ඉතින් ඒසත්වයා මේ විසිතුරු වූ මිහිරි වූ සිත් ඇදගන්නා වූ කාමයටමඇලෙනවා. ආයෙමත් භවයම සොය සොයා යන ඒ ගොල්ල දුකටමයි කැමති. ඒ ගොල්ලන්ව යහපතින්වලක්වලා නිරය දක්වාම ඇදගෙන යන්නෙ මේ සිතවිසිනුයි.

මහ වනාන්තරයෙ මොණරු, කොවුලො නාදකරනවා. ව්‍යාඝ්‍රයෝ, වන සතුන් ඉදිරියට මුණ ගැසෙනවා.ජීවිතය ගැන ඇති බලාපොරොත්තු අත්හරින්ට වෙනවා.මේ උතුම් අවස්ථාව අහිමි කරගන්ට එපා. ඒයි සිත! ඉස්සරමාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?

දැන් භාවනා කරන්ට ඕනෑ. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියධර්මයන් දියුණු කරගන්ට ඕනෑ. බල ධර්මයන් දියුණුකරගන්ට ඕනෑ. බොජ්ඣංග ධර්මයන්, සමාධි භාවනාදියුණු කරගන්ට ඕනෑ. ත්‍රිවිද්‍යාව මේ බුදු සසුනේදී ලබාගන්ට ඕනෑ කියල ඉස්සර මාව මහණ ජීවිතයට යොමුකළේ ඒයි සිත! නුඹ නොවේද?

අමා නිවන් මගේ පුහුණු වෙන්ට ඕනෑ. හැම දුක්නැතිකරන, හැම කෙලෙස් සෝදා හරින, නිවන කරාපමුණුවන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්ට කියලා, ඒයිසිත! මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?

පංචඋපාදානස්කන්ධයන් විදර්ශනා කරන්න, එයදුකක් බව අවබෝධ කරන්න, ඒ දුක හදන දෙය ප්‍රහාණයකරන්න, මේ ජීවිතයේ දී ම දුක් අවසන් කරන්න කියලාඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේනුඹ නොවේද?

මේ සංස්කාර අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ශූන්‍යවශයෙන්, අනාත්ම වශයෙන්, පීඩා වශයෙන්, වධයක්වශයෙන් විදර්ශනා කරන්න කියල. මනසේ හැසිරෙන කෙලෙස් වලකන්ට කියල, ඒයි සිත! ඉස්සර මාව මේමහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?

හිස මුඩු කරගෙන, අවලස්සන වෙන්න කීවා.පාත්තරයක් අතට ගන්න කීවා. සසර දුකෙන් සාප ලද්දෙක්වගේ භික්ෂූන් අතරට යන්න කීවා. මහ ඉසිවර ශාස්තෘන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න කියලා කීවා.ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේනුඹ නොවේද?

සිත සංවර කරගන්න කීවා. පිණ්ඩපාතෙ වඩිනකොට දායක පවුල් ගැන, කාමයන් ගැන, මනසින්ඇලෙන්ට එපා කීවා. පොහෝ දවසේ පෑයූ පුන් සඳක්වගේ ඉන්ට කීවා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයටයොමු කළේ නුඹ නොවේද?

වනාන්තරයෙ නවතින්ට කීවා. පිණ්ඩපාතෙන් ජීවත්වෙන්ට කීවා. අමු සොහොනෙ වාසය කරන්ට කීවා.පාංශුකූල සිවුරු පොරව ගන්ට කීවා. නිදා නොගෙනභාවනා කරන්ට කීවා. හැම තිස්සෙම ධුතාංග රකින්නකැමැති වෙන්න කීවා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණජීවිතයට යොමු කළේ නුඹ නොවේද?

ඒයි සිත! ගෙඩි කැමති කෙනෙක් ලවා ගස් හිටවාගන්නවා. ඊට පස්සෙ ඒ ගස් මුලින්ම කපල දාන්ටයි කැමතිවන්නේ. නුඹත් ඒ වගේ කෙනෙක්. අනිත්‍ය වූ සැලෙන්නාවූ මේ සංසාරයටද නුඹ මාව යොදන්නට හදන්නෙ?

ඒයි රූප රහිත සිත! නුඹට දුර ගමන් තියෙනවා.තනියම ඇවිදිනවා. ඒ වුණාට මීට පස්සෙ මං නුඹේවචනයට අවනත වෙන්නෙ නෑ. කාමයන් කියන්නෙ දුක් ගොඩක්. හරිම කටුකයි. මහ භයානක දෙයක්. මම නම්මුහුණ හරවගෙන ගමන් කරන්නෙ නිවන තියෙනදිශාවටයි.

ඒයි සිත! මහණ වුණේ වාසනාවක් නැතිව නොවෙයි.පිඬු සිඟා යන්ට ලැජ්ජා නැතිකමට නොවෙයි. චපල සිතනිසාත් නොවෙයි. ආණ්ඩුවෙන් දඬුවම් ලැබිලත් නොවෙයි.ජීවත් වෙන්ට ක්‍රමයක් නැතිවත් නොවෙයි. මං නුඹේවසඟයට පත් වෙන්නෙ නෑ කියල ප්‍රතිඥා දීලයි ඉන්නෙ.

අල්පේච්ඡුකම කියල කියන්නේ රහතුන් විසින්ප්‍රශංසා කළ දෙයක්. ගුණමකුකම නැති කරන කොට දුකසංසිඳෙනවා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයටයොමු කළේ නුඹ නොවේද? නමුත් දැන් මොකද නුඹආයෙමත් පරණ පුරුද්දට වැටෙන්න හදන්නෙ.

අවිද්‍යාව, තණ්හාව, ප්‍රිය, අප්‍රිය දේවල්, සුන්දර රූප,සැප විඳීම, සිත්කළු කාම ගැන, මේවා ඔක්කොම මංවමනෙ කළා. වමනෙ දාපු දෙයක් ආයෙත් ගිලින්ට මට ඕනෙ කමක් නෑ.

ඒයි සිත! මං හැම තැනකදීම කළේ නුඹ කියපු දේ.ඒ නිසා බොහෝ ජාතිවලදී මං නුඹ ව කේන්ති ගැස්සුවෙනෑ. මං තුළින්මයි නුඹ ඉපදුණේ. නුඹට කෙළෙහි ගුණයක්නෑ. ඒ නිසා බොහෝ කලක් මුළුල්ලේ මේ දුක්ඛිත සංසාරෙටමාව කැඳවාගෙන ආවෙ නුඹයි.

ඒයි සිත! එක් කාලෙක නුඹ නිසා මං බමුණෙක්වුණා. නුඹ නිසාම මං සිටුවරයෙක් වුණා. නුඹ නිසාම මංරජ වුණා. නුඹ නිසාම වෙළෙන්ඳෙක් වුණා. නුඹ නිසාමදාසයෙක් වුණා. නුඹ නිසාම මං දෙවියෙක් වුණා.

නුඹ නිසාම මං අසුර ලෝකෙට ගියා. නුඹ නිසාමමං නිරයටත් ගියා. නුඹ නිසා ම මං තිරිසන් ලෝකයටත්ගියා. නුඹ නිසාම මං පේ්‍රත ලෝකෙටත් ගියා.

ඒයි සිත! නුඹ මේ ආයෙ ආයෙමත් ද්‍රෝහි වන්නේමට නේද? මොහොතින් මොහොත මායාකාරී චිත්‍ර මවලපෙන්වන්නෙ මට නේද? නුඹ මාත් එක්ක ක්‍රීඩා කරන්නහදන්නෙ පිස්සෙක් වගේ නේද? ඒයි සිත! මේ තරම් දේවල්මට කරන්ට මා විසින් නුඹට කළ වරද කුමක්ද?

ඒයි සිත! ඉස්සර නුඹ කැමැති විදිහට කැමැතිකැමැති තැන්වල හිතු මනාපෙ ඇවිද ගෙන ගියා. එහෙත්අද මං ඒ හිතුවක්කාර හිත යෝනිසෝ මනසිකාරය නම් වූහෙණ්ඩුවෙන් දමනය කරනවා. මද කිපිච්ච ඇතෙක්වහෙණ්ඩුවෙන් දමනය කරනවා වගේ.

මගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකය මට පෙන්නාදුන්නෙ අනිත්‍ය වශයෙන්, අස්ථිර වශයෙන්, අසාර වශයෙන්.ඒයි සිත! මාව ඒ බුදු සසුනට ඇතුල් කරපන්. එතෙරවෙන්ට කොහෙත්ම බැරි තරම් දුෂ්කර සංසාර සැඩ පහරින්මාව එතෙර කරපන්.

ඒයි සිත! දැන් තිබෙන්නේ නුඹේ ඒ පැරණි සිතනොවේ. දැන් නුඹට ඕනෑ විදිහට මාව හසුරුවන්ට බෑ.මහා ඉසිවර බුදු සමිඳුන්ගේ ශාසනයෙයි මං මහණ වෙලාඉන්නෙ. ඒ නිසා මං වගේ අය විනාශයට පත් වෙන්නෙනෑ.

කඳු, සාගර, ගංගා, මහ පොළව ආදියත් මේ සතරදිශාවේ සතර අනු දිශාවේ, උඩ, යට හැම තැනකමත්සකස් වෙලා තියෙන ඔක්කොම දේවල් අනිත්‍යයි. තුන් භවයම කෙලෙස් නිසා දුකින් යුක්තයි. ඒයි සිත! නුඹසතුටින් ඉන්ට හදන්නේ කොහේ ගිහින්ද?

ඒයි සිත! මං දැන් දැඩි විදියට වීර්ය පිහිටුවා ගෙනඉන්නෙ. දැන් නුඹ මට කුමක් කරන්නද? ඒයි සිත! දැන්ඉතින් නුඹේ වසඟයේ මාව පවත්වන්ට බැහැ. දෙපැත්තෙමකටවල් තියෙන අශුචි පුරවපු මල්ලක් කවදාවත් අල්ලන්ටවත් කැමැති නෑ. දොරටු නවයකින් අශුචි වෑහෙන එබඳුමවූ මේ ශරීරයට නින්දා වේවා!

ඒයි සිත! වල් ඌරො, මුව පැටව්, ඇවිද ඇවිද යනකඳු බෑවුම් තියෙන, කඳු මුදුන් තියෙන ස්වභාවයෙන්මලස්සන, අළුත් වැස්සෙන් තෙත බරිත වෙච්ච ඒවනාන්තරයේ ගල් ලෙනකටයි නුඹ ආවෙ. දැන් ඉතින්සතුටු වෙයන්.

තද නිල් පාට බෙල්ලක් තියෙන සුන්දර සිළු තියෙනලස්සන පිල් කලඹක් තියෙන විසිතුරු පියාපත් තියෙනකුරුල්ලො ජාතියක් තමයි මොණරු කියන්නෙ. ආකාසයගොරවන කොට ඒ මොණරු නාදකරනවා. ඒයි සිත!වනන්තරයෙ කුටියක භාවනා කරන නුඹ දැන් ඒ ගැනසතුටු වෙයන්.

වැස්ස කාලෙට තණකොළ වැවෙනවා අඟල් හතරක්විතර උසට. මහ වනයෙ මල් පිපෙන්ට ගන්නවා වලාකුළුවගේ. එතකොට මං ඒ කඳු අතරෙ බිම තමයි නිදාගන්නෙ.ඒ නිල් තණ බිම අළුත් යහනක් වගෙයි. හරිම මෘදුයි.

ධනවත් පුරුෂයෙක්, කීකරු සේවකයෙක් තියාගන්නවා වගේ මං නුඹව දමනය කරනවා. සිවු පසයටමොනව හරි දෙයක් ලැබුණොත් මට ඒ ඇති. මට කම්මැලි කමක් නෑ. බළල් හමක් හොඳට පදම් කරනවා වගේ මංනුඹව නිවනට සුදුස්සෙක් කරනවා.

ධනවත් පුරුෂයෙක්, කීකරු සේවකයෙක් තියාගන්නවා වගේ මං නුඹව දමනය කරනවා. සිව්පසයටමොනව හරි දෙයක් ලැබුණොත් මට ඒ ඇති. මද කිපුණුඇතෙක්ව දමනය කරන දක්ෂ ඇත්ගොව්වෙක් වගෙයි.මං වීරිය අරගෙන නුඹව දමනය කරනවා.

ඒයි සිත! නුඹ හොඳට දමනය වුණා. සෘජු ගතිතිබෙන උතුම් හස්ති රාජයෙක් දමනය වුණා වගෙයි. අසුන්දමනය කරනවා වගේ මටත් ඒ සුන්දර නිවන් මගේ ගමන්කරන්ට පුළුවන් වුණා. හැමදාමත් ඒ නිවන් මග පුරුදුකළේ සිත රැකගත්තු උතුමන් විතරයි.

ඒයි සිත! ඇති රජෙක්ව යකඩ දම්වැල් වලින්කණුවක බඳිනවා වගේ මං නුඹව භාවනා අරමුණේ බැඳලයිතියෙන්නේ. ඉතා හොඳට සිහිය පිහිටුවා ගෙන හොඳින්රැකගෙන හොඳින් හසුරුවලා මේ සිත හදාගත්ත නිසාහැම භවයෙන්ම නිදහස් වුණා.

ඉඳුරන් ගෙන් අරමුණු ලැබෙන කොට ඒ ඔස්සේමයිසිත නොමඟ යන්නෙ. එතකොට ප්‍රඥාවෙන් ඒ නොමඟවනසල දැම්මා. භාවනාවෙන් සිත සුමඟට ගත්තා. මේසසර දුකේ ඇතිවීම නැතිවීම දැකල එයින් නිදහස් වුණබුදු සමිඳුන්ගේ දායාදය ලැබුණු කෙනෙක් වෙන්න.

ඒයි සිත! මං වසඟ වෙලා හිටියෙ මේ විදිහටයි.අශුභ දේ ශුභ විදියටයි දැක්කෙ. අනිත්‍ය දේ නිත්‍ය විදිහටයිදැක්කෙ. දුක දැක්කෙ සැප විදිහටයි. සිත විසින් මාව නොමගයැව්වෙ ගමේ ගොඬේ මෝඩ ළමයෙක්ව නොමග යවනවා වගේ. එහෙත් දැන් සියලූ භව බන්ධන නැති කළ මහාකාරුණික මහා මුනිඳුන්ව නේද ඇසුරු කරන්නෙ.

එයි සිත! මේ සුන්දර වනාන්තරයෙ වැහිවළාකුළුවලින් ලස්සන වුණ කඳු වළල්ලෙ නිදහසේඇවිදගෙන යන මුවෙක් වගේ මමත් දැන් අවුලක් නැතිසිතින් මේ කඳු වළල්ලට වෙලා ඉන්නවා. ඒයි සිත! නුඹපැරදුණ බවට මට කිසිම සැකයක් නෑ.

ඒයි සිත! යම් ස්ත්‍රියක් හෝ යම් පුරුෂයෙක් හෝනුඹේ කැමැත්තට හසුවෙලා ගියොත්, වසඟ වුණොත්,කාම සැපය අනුභව කරන්ට ගියොත් ඒගොල්ල ඔක්කොමඅවිද්‍යාව තුළටම ඇතුල් වෙනවා. ඒගොල්ල ඔක්කොමමාරයාගේ වසඟයට යනවා. යළි යළි උපදින්ට කැමැතිහැම දෙනෙක්ම නුඹගේ ගෝලයෝ තමයි.

මේ වනාහී ආයුෂ්මත් තාලපුට නම් රහත් මුනිඳුන් වදාළගාථාවන්ය.

පනස්වෙනි නිපාතය නිමා විය.(ගාථා පනහ බැගින් වදාළ කොටස නිමා විය)