ඛුද්දකනිකායෙ

ථෙරගාථාපාළි

18. හතළිස්වෙනි නිපාතය

18.1. මහා කස්සප තෙරුන්ගේ ගාථා

පිරිස් පිරිවරාගෙන හැසිරෙන්ට හොඳ නෑ. පිරිස්පිරිවරාගෙන ඉන්ට පුරුදු වුණොත් හිතත් නොමග යනවා.සමාධිය ලබාගන්ටත් අපහසුයි. නොයෙක් ජනයාට සංග්‍රහකර කර කල් ගෙවීම දුකක්. මේ ආදීනවය තේරුම් ගන්ට ඕනෑ. පිරිස් සමග එකතු වීම ගැන අකමැති වෙන්ට ඕනෑ.

මුනිවරයා හිතවත් දායක ගෙවල් ගානෙ ඇවිදින්ටයන්නෙ නෑ. එහෙම ඇවිදින්න ගියොත් හිත නොමගයනවා. සමාධිය ලබාගන්නටත් අපහසුයි. ඒගොල්ල පූජාකරන රසවත් කෑම බීමවලට ගිජු වෙලා ඒකටම උත්සාහකරාවි. එතකොට සැපය සලසන ජීවිත අර්ථය අහිමි වෙලායනවා.

දායක පවුල්වලින් ලැබෙන වැඳුම් පිදුම් ගැන, මඩගොඩක් හැටියටයි නුවණැත්තන් සැලකුවේ. ඒවාට ඇතිවනඇල්ම උදුරා දමන්ට අමාරු සියම් හුලක් වගෙයි. අසත්පුරුෂයෙකුට ලාභ සත්කාර අත්හැරීම දුෂ්කර දෙයක්.

දවසක් මං වනාන්තරයෙන් මාවතට ඇවිදින්නගරයට පිණ්ඩපාතෙ වැඩියා. මං දැක්කා ආහාර අනුභවකරමින් ඉන්න කුෂ්ඨ රෝගියෙක්ව. ඉතා යහපත් සිතින්මයිමං එයා ළඟ ගියේ.

ඒ කුෂ්ඨ රෝගියා තමන්ගේ අතින් බත් පිඬක්අරගෙන මගේ පාත්තරේට පූජා කළා. ඒ බත් පිඬපාත්තරේට දමනවත් එක්කම එයාගේ ඇඟිල්ලකුත්පාත්තරේට වැටුණා.

මං ඒ දානෙ පිළිගත්තා. අගුපිලක වාඩිවුණා. ඒ බත්පිඬ වැළඳුවා. ඒ දානෙ වළඳන කොටත් වැළඳුවාට පස්සෙත්මගේ හිතේ කිසි පිළිකුලක් ඇතිවුණේ නෑ.

ඇත්තෙන්ම යමෙකුට තිබෙනවා නම් පිණ්ඩපාතෙකරගෙන දානෙ ගැනීමත්, ගොඩ බෙහෙතක් කරගැනීමත්,ගස් සෙවනක වාසය කිරීමත්, පාංශුකූල සිවුරත් යන මේවා,එයාට පුළුවන් සිවු දිශාවේම පහසුවෙන් කල් ගෙවන්ට.

මං ඉන්න කන්දට සමහරු නගිද්දි කලන්තෙහැදෙනවා. බුදු සමිඳුන්ගේ දායාදයක් වන, කාශ්‍යප භික්ෂුවදැන් හරි මහළුයි. ඒ වුණත් හොඳ සිහි කල්පනාවෙන්,හොඳ සිහි නුවණින්, ඉර්ධි බලයෙන් ලැබෙන උපකාරයෙන්කන්දට නැග ගන්නවා.

කාශ්‍යප භික්ෂුව පිණ්ඩපාත කරගෙන එනවා. ඊටපස්සෙ ඒ ගල් පර්වතයට නගිනවා. බිය තැති ගැනීම් කිසිදෙයක් නෑ. උපාදාන නැතිව භාවනා කරනවා.

කාශ්‍යප භික්ෂුව පිණ්ඩපාත කරගෙන එනවා. ඊට පස්සෙ ඒ ගල් පර්වතයට නගිනවා. එයා ඉන්නෙකෙලෙස්වලින් පිරිච්ච ජීවිත තිබෙන ලෝකෙ නිවී ගියහිතක් ඇතිවයි. උපාදාන නැතිව භාවනා කරනවා.

කාශ්‍යප භික්ෂුව පිණ්ඩපාත කරගෙන එනවා. ඊටපස්සෙ ඒ ගල් පර්වතයට නගිනවා. එයා තුළ ආශ්‍රව මොකුත්නෑ. නිවන් මග සම්පූර්ණ කරලයි ඉන්නෙ. උපාදාන නැතිවභාවනා කරනවා.

හැමතැනම පැතිරිලා තියෙන්නෙ ලූණු වරණ ගස්.ඒ පළාත හරි ලස්සනයි. ඇතුන්ගේ කුංච නාදයෙන් තවත්සුන්දර වෙනවා. ඒ කඳු වළල්ලට මං හරි කැමතියි.

එහි තියෙන සීතල වතුරෙ පාට නිල් ආකාසෙ පාටයි.රාත්‍රියට එළිය විහිදන කලාමැදිරියන් පිරෙනවා. ඒ කඳුවළල්ලට මං හරි කැමතියි.

වලාකුළු වගේ ඉන්න, කුළු ගෙවල් වගේ ඉන්න, ඒඇතුන්ගේ කුංච නාදයෙන් පළාතම සුන්දර වෙනවා. ඒකඳු වළල්ලට මං හරි කැමැතියි.

එහෙට නිතරම වැස්ස. ඒ පැත්ත හරි ලස්සනයි.රහතුන් වැඩසිටින ඒ පර්වතවලට කියන්නෙ ”නග” කියලා.මොණරුන් නාද කරන කොට දෝංකාරය දෙනවා. ඒ කඳුවළල්ලට මං හරි කැමැතියි.

දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, සිහි නුවණපවත්වන, ධ්‍යාන වඩන මටත්, ඒ කඳු වළල්ල හොඳටගැලපෙනවා. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙනයහපත සලසා ගන්නට කැමැති භික්ෂුවක් වන මටත් ඒකඳු වළල්ල හොඳින් ගැලපෙනවා.

දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, පහසුවිහරණයෙන් කල් ගෙවන භික්ෂුවක් වන මටත් මේ කඳුවළල්ල හොඳින් ගැලපෙනවා. දිවි දෙවැනි කොට ධර්මයේහැසිරෙන භාවනා කරන්ට කැමැති අකම්පිත සිත් ඇතිභික්ෂුවක් වන මටත් ඒ කඳු වළල්ල හොඳින් ගැලපෙනවා.

ආකාසය, නිල් කටරෝළු මලේ පාටයි. ඒ ආකාසෙවහගෙන පැතිරිලා නොයෙක් කුරුල්ලො ඉගිල්ලෙනවා.ඒ කුරුල්ලන්ගෙන් ගැවසුන කඳු වළල්ලට මං හරි කැමැතියි.

මේ පළාතෙ ගිහි ජනතාව ගැවසීමක් නෑ. නොයෙක්මුව රංචු ගැවසෙනවා. නොයෙක් කුරුල්ලන් ගැවසෙනවා.ඒ කඳු වළල්ලට මං හරි කැමතියි.

මෙහෙ වතුර ටිකත් හරිම අගෙයි. පුළුල් ගල්තලාවක්තියෙනවා. වඳුරන් මුවන් වගේ සත්තුත් ඉන්නවා. දියසෙවෙල්වලින් වැහිල තිබෙන ඒ කඳු වළල්ලට මං හරිකැමැතියි.

මට තියෙන්නෙ එකඟ වෙච්ච හිතක්. මම හැමදෙයක්ම විදර්ශනා නුවණට යොමු කරනවා. එතකොට ඒධර්මයෙන් මං තුළ පුදුමාකාර සතුටක් ඇති වන්නෙ. පංචතූර්ය නාදයකින් කවදාවත් එවැනි සතුටක් ලබන්ට බැහැ.

නිතරම පන්සල්වල ගොඩනැගිලි හද හදා ඉන්ටහොඳ නෑ. පාපී ජනතාවගේ ආශ්‍රය දුරු කර දමන්ට ඕනෑ.සිවුපසය ලබාගැනීමට මහන්සි වීම අවශ්‍ය නෑ. එතකොටඑයා රසවත් කෑම බීමවලට ගිජු වෙනවා. ඒ සඳහාමවෙහෙසෙනවා. ඔහුට ජීවිත අර්ථයෙන් ලබන සැප ලබන්ටබැරිව යනවා.

නිතරම පන්සල්වල ගොඩනැගිලි හද හදා ඉන්ට හොඳ නෑ. තමාගේ යහපත කැමැති භික්ෂුව ඒ වගේ දේවල්අත්හරින්ට ඕනෑ. ඒ වැඩවලින් කයටත් මහන්සියි. කලන්තෙහැදෙනවා. දුකට පත් වෙනවා. චිත්ත සමාධියක්ලැබෙන්නෙත් නෑ.

ඕනෑවට වඩා හිතට ගත්ත කෙනා තමන්ගේ පමණදන්නෙ නැතිව කථා කරන්ට ගන්නවා. එයාට තියෙන්නෙමමත් උතුම් කෙනෙක් කියලා හිතාගෙන බෙල්ල තදකරගෙන ඇවිදිල්ලක් විතරයි.

මෝඩ කෙනා තමන් උතුම් කෙනෙක් නොවී සිටිද්දීමඋතුම් පුද්ගලයන් හා සමකර ගන්නවා. මාන්නයෙන් ඉදිමිලාඉන්න ඒ උදවියට නුවණැත්තන් ප්‍රශංසා කරන්නෙ නෑ.

මං උතුම් කෙනෙක්. මං උතුම් කෙනෙක් නොවේ.මං පහත් කෙනෙක්. අපි කවුරුත් එකයි යන අදහස්තියෙන්නෙ මාන්නය තුළයි. එවැනි මාන්නයක් තුළ සිතේකම්පාවක් ඇතිවන්නෙ නැත්නම්,

ඒ අකම්පිත සිත් ඇති, ප්‍රඥාවන්ත, සිල්වත්, සමාධිගතසිත් ඇති, චිත්ත සමාධියේම යෙදී සිටින කෙනාටයිනුවණැත්තෝ ප්‍රශංසා කරන්නෙ.

සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්නැති නම් ඒ තැනැත්තා සද්ධර්මයෙන් දුරු වෙන්නෙඅහසට පොළොව වගෙයි.

පවට ලැජ්ජාවක්, පවට බියක් ඇතිව හැම තිස්සේමහොඳ සිහියෙන් සිටියොත් ඒගොල්ලන්ගෙ බ්‍රහ්චාරී ජීවිතයදියුණු වෙනවා. එතකොට පුනර්භවය නැතිවෙලා යාවි.

පොරවා ගෙන ඉන්නෙ පාංශුකූල චීවරයක් වුණත්, ඒ භික්ෂුව උඩඟු නම්, චපල නම්, එයා තුළ කිසිසුන්දරත්වයක් නෑ. ඒ කෙනා සිංහ හමක් පොරවා ගෙනඉන්න වඳුරෙක් වගෙයි.

යම් භික්ෂුවක් උඩඟු නැතිව, චපල නැතිව, තැනටසුදුසු නුවණ ඇතිව, ඉඳුරන්ද සංවර කරගෙන නම් ඉන්නෙඑයාට නම් පංශුකූල චීවරය හොඳට ගැලපෙනවා. ඒ කෙනාකන්දෙ ගුහාවක වාසය කරන සිංහ රාජයෙක් වගේ.

මෙහෙ ඇවිදින් ඉන්නවා දහදාහක් පමණ වූබොහෝ දෙවිවරු. ඒගොල්ල ඉර්ධිමත්, කීර්තිමත්. ඒඔක්කොම ඇවිදින් ඉන්නෙ බ්‍රහ්මලෝක වලින්.

ධර්ම සේනාධිපති වූ, මහා වීර්ය ඇති, ධ්‍යාන ඇති,සමාධිමත් සිත් ඇති සැරියුත් මුනිඳුන්ටයි ඔවුන් දෝතනගා වන්දනා කරමින් සිටින්නේ.

ශ්‍රේෂ්ඨ පුරුෂය, ඔබට නමස්කාරය වේවා!පුරුෂෝත්තමය ඔබට නමස්කාර වේවා! ඇත්තෙන්ම ඔබවහන්සේ භාවනාවට ගන්න අරමුණ කුමක්ද කියා අපටසොයාගන්ට බැහැ.

ඒකාන්තයෙන්ම ආශ්චර්යයයි. බුදුවරයන්වහන්සේලාගේ විෂය ක්ෂේත්‍රය පරම ගම්භීරයි.අස්ලෝමයකින් විදින දක්ෂ දුනුවායන් වගේ ඉන්න අපටඉතා ශූක්ෂම ලෙස සිතන්ට පුළුවන්. අපට පවා ඒක දැනගන්ට බැහැ.

දිව්‍ය සේනාව විසින් වැඳුම් පිදුම් කරන පූජනීයසැරියුත් මුනිඳුන්ව කාශ්‍යප මුනිඳුන් දැක්කා. ඒ වෙලාවෙඋන්වහන්සේට යහපත් සිනාවක් පැනනැංගා.

මහා මුනිවරයාණන් වූ බුදු සමිඳුන්ගේ සකල විධබුද්ධ ක්ෂේත්‍රය තුළ උන්වහන්සේ හැරුණු කොට ඒ ධුතාංගදරාගන්ට ඉන්නෙ මං විතරයි. ඒ ධුතාංග තුළ මමශ්‍රේෂ්ඨත්වයට පත්වුණා.

මාත් බුදු සමිඳුන්ව ගෞරවයෙන් ඇසුරු කළා. බුදුසසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින්තිබ්බා. මට ආයෙත් පුනර්භවයක් නම් නෑ.

මේ කාශ්‍යප භික්ෂුව තුළත් අප්‍රමාණ ගුණ තිබෙනවා.සිවුරුවලට, කුටිවලට, දානෙට ඇලෙන්නෙ නෑ. වතුරෙවැඩිලා වතුරෙ නොතැවරී පිපිල සුවඳ හමන ලස්සන නිල්මහනෙල් මලක් වගෙයි. සියලූ භවයන්ගෙන්ම එයා නිදහස්වෙලයි ඉන්නෙ.

ඒ මහා මුනිවරයාට සතිපට්ඨානය නම් බෙල්ලක්තියෙනවා. ශ්‍රද්ධාව නම් දෑතක් තියෙනවා. ප්‍රඥාව නම්හිසක් තිබෙනවා. ඒ මහා නුවණැති කෙනා හැම තිස්සේමඉන්නෙ නිවී ගිය හිතකින්.

මේ වනාහී ආයුෂ්මත් මහා කාශ්‍යප නම් රහත් මුනිඳුන් වදාළගාථාවන්ය.

හතළිස්වෙනි නිපාතය නිමා විය.(ගාථා හතළිහ බැගින් වදාළ කොටස නිමා විය)