ඛුද්දකනිකායෙ

ථෙරගාථාපාළි

17. තිස්වෙනි නිපාතය

17.3. ආනන්ද තෙරුන්ගේ ගාථා

කේළාම් කියාගෙන, ක්‍රෝධ කරගෙන, මසුරුකම්කර කර විනාශ වෙලා යන්ට කැමැති උදවිය ඉන්නවා. ඒගොල්ලන් එක්ක මිත්‍රවෙන්ට ඤාණවන්තයෙක් කැමැතිනෑ. පවිටු පුද්ගලයන් එක්ක ආශ්‍රය කිරීමත් පවිටු දෙයක්.

ශ්‍රද්ධාවන්ත, සීලවන්ත, ප්‍රඥාවන්ත උදවිය ඉන්නවා.ඒගොල්ල ධර්මයත් හොඳට දන්නවා. ඤාණවන්තයාමිත්‍රත්වයක් ගොඩනගා ගන්නේ ඒ උදවියත් එක්කයි.සත්පුරුෂයන් සමග ඇසුරු කිරීම සුන්දර දෙයක්.

ඇට නහරවලින් ගලපා සකස් කරන ලද නොයෙක්ලෙඩ රෝගවලින් ගහන මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයිබලන්ට ඕන. එහෙත් අඥාන ජනයා නොයෙක් කාම සිතුවිලිසිත සිතා මේ ශරීරය විචිත්‍ර විදිහට සරසනවා. ඒ වුණත්මේ කයේ ස්ථිර පැවැත්මක් නෑ.

මේ ශරීරය ඔතල තියෙන්නෙ හමකින්. ඇට ගොඩක්ඇතුළෙ තියෙනවා. නමුත් පිටතින් මුතු මැණික්ආභරණවලින් ලස්සනට හැඩ ගන්වල තියෙන්නෙ. මේශරීරය හැඩට පෙනෙන්නෙ වස්ත්‍රවලින් වෙළෙන නිසයි.

යටිපතුල් පාට කරල තියෙන්නෙ. සුවඳ බුලත් විටකාල මුඛය සුවඳ කරල තියෙන්නෙ. අඥාන ජනතාවගේමෝහයට නම් ඒක ගැලපෙනවා. නමුත් නිවනක් සොයාගෙන යන කෙනෙකුට එයින් කිසි පලක් නෑ.

ඔලූවට නොයෙක් කොණ්ඩා මෝස්තර දානවා.ඇස්වල අඳුන් ගානවා. අඥාන ජනතාවගේ මෝහයට නම්ඒක ගැලපෙනවා. නමුත් නිවනක් හොයාගෙන යනකෙනෙකුට එයින් පලක් නෑ.

මේ කුණු ශරීරය නොයෙක් විදිහට සරසල අලූත්භාජනයක් වගේ තියාගත්තද, මෝඩ ජනතාවගේ මෝඩකමට විතරයි ඒක ගැලපෙන්නෙ. නමුත් නිවනක් සොයාගෙන යන කෙනෙකුට එයින් පලක් නෑ.

[මුව වැද්දා මුවන් අල්ල ගන්ටයි උගුල අටෝලතියෙන්නෙ. ඒ වුණාට මුවා නම් උගුලට අහුවුණේ නෑ.මුව වැද්දා හඬන කොට අපි ගොදුරු කාල පැනල දුවනවා.

මුව වැද්දාගේ උගුල කඩල බිඳල දැම්මා. මුවා නම්උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා දුක් වෙනකොට අපිගොදුරු කාල පැන දුවනවා.]

ගෞතම ගෝත්‍ර ඇති ඒ භික්ෂුව විචිත්‍ර ධර්මකථිකයෙක්. බහුශ්‍රැත කෙනෙක්. බුදු සමිඳුන්ගේ අග්‍රඋපස්ථායකයන් වහන්සේ ඔහු තමා. කෙලෙස් බරපැත්තකින් තියල සියලූ දුකින්ම වෙන්වෙලා සැතපෙන්නෙ.

ඒ භික්ෂුව තුළ ආශ්‍රවයන් නෑ. ඔක්කොම කෙලෙස්වලින් ඉවත් වුණා. ඒ කෙලෙස්වලින් නිදහස් වුණා.ඇත්තෙන්ම එයා නිවී ගියා. ඉපදෙන මැරෙන මේසංසාරෙන් එතෙර වෙලා අන්තිම ශරීරය දරාගෙනයි ඉන්නෙ.

හිරුගොත් වංශයේ උපන් බුදු සමිඳුන්ගේ ධර්මයතමයි ඔහුගේ හදවතේ පිහිටා තියෙන්නෙ. ඒ ගෞතමගෝත්‍ර ඇති ආනන්ද භික්ෂුව නිවනට යන මාර්ගයේ ඉන්නකෙනෙක්.

බුදු සමිඳුන් ගෙන් ධර්මස්කන්ධ අසූ දෙදාහක් මංලබාගත්තා. ශ්‍රාවකයින් ගෙන් දෙදහසක ධර්මස්කන්ධයක්මං ලබාගත්තා. මං ප්‍රගුණ කරගත්තා ධර්මස්කන්ධඅසූහාරදහසක්.

ධර්ම ඥානයක් නැති කෙනා හැදෙන්නෙ හරකෙක්වගේ. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. ඔහුට ප්‍රඥාවවැඩෙන්නෙ නෑ.

එහෙත් බහුශ්‍රැත තැනැත්තා අර දහම් දැනීමක් නැතිකෙනාව තමන්ගෙ ධර්ම ඥානයෙන් අවනත කර ගන්නවානම් එබඳු බහුශ්‍රැත උදවිය ගැන මට හිතෙන්නෙ මෙහෙම.එයා පහනක් අතින් දරාගෙන ඉන්න අන්ධයෙක් වගේ.

ඇසුරු කරන්ට ඕන බහුශ්‍රැත කෙනෙක්වමයි.එතකොට තමන් අහල තියෙන දේ නැති වෙන්නෙ නෑ.මේ බ්‍රහ්මචාරී ජීවිතයට ඒක මුල් වෙනවා. එනිසාධර්මධරයෙක් වෙන්ට ඕන.

ඉතා හොඳින් ධර්මය ගැලපීමට දන්නා, ඒ ධර්මයෙහිඅර්ථය දන්නා, ධර්ම අර්ථ විස්තර කිරීමට දක්ෂ කෙනා ඒධර්මය ගන්නේ ඉතා යහපත් ලෙසින්. අර්ථයද නුවණින්විමසයි.

ජීවිතයට ධර්මය ගලපා බලන කොටයි ධර්මයේ හැසිරෙන්නට කැමැත්තක් ඇති වන්නේ. එතකොටයිඋත්සාහයෙන් ධර්මයේ හැසිරෙන්නෙ. ඒ කෙනා භාවනාවටවීරිය කරයි. තමන්ගේ සිතත් සමාධිමත් කරගනී.

බහුශ්‍රැත වූ, ධර්මධර වූ, ප්‍රඥාවන්ත, බුද්ධිමත්ශ්‍රාවකයා, ධර්ම ඥානය ලබාගැනීමට හරිම කැමතියි. ඇසුරුකළ යුත්තේ අන්න එබඳු ශ්‍රාවකයන්වයි.

මහ ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරයආරක්ෂා කරගෙන ඉන්න බහුශ්‍රැත, ධර්මධර, පූජනීය වූ ඒභික්ෂුව සියලූ ලෝකයට ඇසක් වගේ.

ධර්මය තුළ ජීවත්වෙන ධර්මයටම ඇලී සිටින,ධර්මයම සිහි කරන, ධර්ම චින්තා ඇති භික්ෂුව කවදාවත්ධර්මයෙන් පිරිහෙන්නෙ නෑ.

ශරීරය ගැන ලෝභ කමින්, ශරීරයටම ගරු කර කරඉන්න කෙනා ශරීරය පිරිහෙන කොට ධර්මයෙනුත් පිරිහිලායනවා. ශරීර සැපයට ගිජු වුණොත් ශ්‍රමණ සැපයක්කොහොම ලබන්ටද?

මගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ තමයි සැරියුත්තෙරුන්. උන්වහන්සේ පිරිනිවන් පෑව බව ආරංචි වුනහමහැම දිශාවක්ම පේන්නෙ නැතුව ගියා. ධර්මය වැටහෙන්නෙනැතුව ගියා. මට හැඟුණේ මුළු ලෝකයම අඳුරු වෙලාගියා වගේ.

කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලා පිරිනිවන් පෑවටපස්සෙ ශාස්තෘන් වහන්සේත් පිරිනිවන් පෑවට පස්සේඇත්තෙන්ම මට කායානුපස්සනාව තරම් වෙන මිත්‍රයෙක්නෑ.

ඒ පැරණි මිතුරන් දැන් නෑ. අළුත් මිතුරන් මටගැලපෙන්නෙත් නෑ. ඒ නිසා වැස්සෙන් බේරෙන්ටකැදැල්ලට ආපු කුරුල්ලෙක් වගේ මං තනියම භාවනාකරනවා.

නොයෙක් පළාත්වලින් බොහෝ දෙනෙක් ඇවිදින්මාව මුණ ගැසෙන්ට බලා සිටිනවා. ඒ ගොල්ලන්වවලක්වන්ට එපා. බණ අහන්ට කැමති ඒ හැමදෙනාම මාවදකිත්වා! දැන් එයට කාලයයි.

නොයෙක් පළාත්වලින් බොහෝ දෙනෙක් ඇවිදින්බුදු සමිඳුන්ව දැකගන්ට බලාගෙන හිටියා. එතකොටශාස්තෘන් වහන්සේ ඒකට ඉඩ දුන්නා. සදහම් ඇස් ඇතිමුනිඳුන් ඔවුන්ව වැලැක්කුවේ නෑ.

මං අවුරුදු 25ක් ම ගත කළේ නිවන් මග පුහුණුවන (සේඛ) භික්ෂුවක් හැටියට. මේ ධර්මයේ ආශ්චර්යයබලන්න. එබඳු වූ මා තුළ කාමය ගැන හැඟීමක් වත් නෑ.

අවුරුදු 25 ක් ම මං ගත කළේ සේඛ භික්ෂුවක්හැටියට. ධර්මයේ ආශ්චර්යය බලන්න. එතෙක් කාලෙකටමං තුළ ද්වේෂය ගැන හැඟීමක් වත් ඇතිවුණේ නෑ.

අවුරුදු 25 ක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේටමං උපස්ථාන කළේ, මෛත්‍රී සහගත කයින්මයි. මං හිටියේඋන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.

අවුරුදු 25 ක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේටමං උපස්ථාන කළේ, මෛත්‍රී සහගත වචනයෙන්මයි. මංහිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ලවගෙයි.

අවුරුදු 25 ක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේටමං උපස්ථාන කළේ, මෛත්‍රී සහගත සිතින්මයි. මං හිටියේඋන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.

බුදු සමිඳුන් සක්මන් කරද්දි මාත් උන්වහන්සේපිටුපසින් සක්මන් කළා. උන්වහන්සේ දහම් දෙසද්දී තමයිමට ඥානය පහළ වුණේ.

මං තවමත් ඉන්නෙ නිවන් මඟ පුහුණු වන කෙනෙක්හැටියට. කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. අරහත්වයටපත්වුණ කෙනෙක් නෙමෙයි. නමුත්, මං ගැන ගොඩක්මඅනුකම්පා කොට වදාළ ශාස්තෘන් වහන්සේ දැන් පිරිනිවන්පෑමට ආසන්නයි.

සියලූම උත්තම ගුණාංගයන් ගෙන් පරිපූර්ණ වූසම්බුදු සමිඳුන් පිරිනිවන් පා වදාළ වෙලාවෙ මුළු ලෝකයමකම්පා වුණා. බියජනක හඬ පැතිරුණා. ලොමුදහ ගැනීම්ඇති වුණා.

මහ ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරික වූබහුශ්‍රැත වූ ධර්මධර වූ, මුළු ලෝකයට ඇසක් වැනිආනන්දයන් වහන්සේත් පිරිනිවන් පෑවා.

මහ ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරික වූබහුශ්‍රැත වූ ධර්මධර වූ ආනන්දයන් වහන්සේ මුළු ලෝකයටඇසක් වගේ අඳුර දුරලනවා.

ඥාන ගති ඇති, සිහි නුවණ ඇති, බලවත් ප්‍රඥාඇති, ඉසිවරයෙක් වන ආනන්දයන් වහන්සේ ශ්‍රී සද්ධර්මමාණික්‍යයන් දරාගෙන සිටින මැණික් ආකරයක් වගෙයි.

මාත් බුදු සමිඳුන්ව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින්තිබ්බා. දැන් ඉතින් මට පුනර්භවයක් නෑ.

මේ වනාහී ආයුෂ්මත් ආනන්ද නම් රහත් මුනිඳුන් වදාළගාථාවන්ය.

තිස්වෙනි නිපාතය නිමා විය.(ගාථා තිහ බැගින් වදාළ කොටස නිමා විය)