ඛුද්දකනිකායෙ
ථෙරගාථාපාළි
17. තිස්වෙනි නිපාතය
17.2. සාරිපුත්ත තෙරුන්ගේ ගාථා
එයා සිල්වත් කෙනෙක් නම්, ඉතා හොඳට සිහියපවත්වනවා නම්, සිතුවිලි දමනය කරල ධ්‍යාන වඩනවනම්, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම්, භාවනාවේඇලී වසනවා නම්, සමාධිමත් සිතින් යුතු නම්, හුදෙකලාජීවිතයෙන් සතුටු වෙයි නම්, අන්න එයාට තමයි ”භික්ෂුව”කියල කියන්නෙ.
වළඳන දේ තෙත දෙයක් වෙන්ට පුලූවනි. වේලිච්චදෙයක් වෙන්ට පුලූවනි. පමණ ඉක්මවා ගන්නෙ නෑ. කුසේඉඩ තියා ගන්නවා. භික්ෂුවක් වාසය කරන්න ඕන ඒ විදිහටයි.ප්‍රමාණයකට දානෙ අරගෙන, නුවණින් යුක්තවයි.
සතර පස් පිඩක් නොවළඳා, ඒ වෙනුවට පැන්වළඳන්න ඕන. නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්තභික්ෂුවකට ඒක හරි පහසුවක්.
සිරුරේ වසාගත යුතු තැන් තියෙනවා. එය වසාගැනීම පිණිස කැප විදිහට ලැබෙන සිවුරක් තිබීම නිවනටයොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුවක්.
භාවනාවට වාඩිවුණාට පස්සෙ, දණහිස් දෙකවැස්සට තෙමෙන්නෙ නැත්නම්, අන්න ඒ විදිහෙ කුටියක්වුණත් නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවටහරි පහසුවක්.
යමෙක් සැප වින්දනය දුකක් වශයෙන් දකිනවානම්, දුක් වින්දනය හුලක් වශයෙන් දකිනවා නම්, දුක්රහිත වින්දනයට මුලාවෙන්නෙ නැත්නම්, මේ ලෝකෙටඑයා කෙසේ නම් බැඳෙන්ටද?
පාපී ආශාවන් තියෙන, හීන වීරිය තියෙන,සද්ධර්මය දන්නෙ නැති, ආදර ගෞරවය නැති කිසිකෙනෙක් සමග මා කවරදා වත් එක් නොවෙම්වා! ඒඋදවියත් සමග එකතු වීමෙන් ලෝකයට සිදුවන යහපතකුමක්ද?
ඒත් යම් කෙනෙක් බොහෝ කොට සද්ධර්මයදන්නවා නම්, නුවණ තියෙනවා නම්, සිල්වත් නම්,සමාධිමත් සිතකින් යුක්ත නම්, සිත සන්සිඳුවීමෙහියෙදෙනවා නම් අන්න ඒ උත්තමයා මාගේ හිස මත වැඩසිටීවා!
(කාම විතර්ක-ව්‍යාපාද විතර්ක-විහිංසා විතර්ක ආදී)මිත්‍යා සංකල්පනාවේම යෙදෙමින්, මිත්‍යා සංකල්පනාවටම ඇලිල කැලෑ සතෙක් වගේ ඉන්න කෙනාට සසර දුක්නැතිකරන ඒ අමා නිවන අහිමි වෙලා යනවා.
එහෙත් යම් කෙනෙක්, මිත්‍යා සංකල්ප ඉවත්කරගෙන (එක එක දේවල් කල්පනා කර කර ඉන්නෙනැතිව) ප්‍රපංච රහිත වූ සමථයත්, විදර්ශනාවත් තුළ ඇලීවසනවා නම්, එයාට සසර දුක් නැතිකරන, ඒ අමා නිවනහමු වෙනවා.
ගමක හෝ අරණ්‍යයක හෝ පහත් බිමක හෝ කඳුගැටයක හෝ යම් කිසි තැනක රහතන් වහන්සේලා නම්වැඩසිටින්නේ, ඒ භූමිය හරිම ලස්සනයි.
කෙලෙස්වලට ඇලී ගිය කාමී ජනයා ඒ අරණ්‍යසේනාසනවලට කැමති නෑ. කාමය නොසොයන වීතරාගීමුනිවරුන්ට ඒ අරණ්‍ය සේනාසන හරි ලස්සනයි.උන්වහන්සේලා ඒ තැන්වලට හරි කැමතියි.
නිධානයක් මතු කරල පෙන්වනවා වගේ දුටු වරදපෙන්වා දෙන, වරදට ගරහා කරන, ඤාණවන්තඋත්තමයින්වයි ඇසුරු කරන්ට ඕන. ඤාණවන්ත උතුමන්ඇසුරු කරනකොට යහපතක් මිස අයහපතක් නම් සිද්ධවෙන්නෙ නෑ.
අවවාද කරන්න ඕන. අනුශාසනා කරන්ට ඕන.අකුසල් වලින් වළකාගන්ට ඕන. අන්න ඒ තැනැත්තාවසත්පුරුෂයින්ට හරි ප්‍රියයි. අසත්පුරුෂයින්ට නම් ප්‍රිය නෑ.
එදා සදහම් ඇස් ඇති බුදු සමිඳුන් වෙනකෙනෙකුටයි දහම් දෙසමින් සිටියේ. බුදු සමිඳුන් දේශනාකරමින් සිටි ඒ ධර්මයේ අර්ථ අවබෝධ කරගන්ට මාත්කණ් යොමාගෙන හොඳ සිහියෙන් අහගෙන සිටියා. මගේ ඒ බණ ඇසීම හිස් දෙයක් වුණේ නෑ. ආශ්‍රව රහිතව සියලූදුකින් නිදහස් වුණා.
මං සොය සොයා සිටියේ, පුබ්බේනිවාස ඤාණයලබාගන්න හැටි නොවේ. මං සොය සොයා හිටියෙ දිවැස්ලබන හැටි නොවේ. මං සොය සොයා සිටියේ අනුන්ගේසිත් දැනගන්න හැටි නොවේ. සෘද්ධි ප්‍රාතිහාර්ය ලබනහැටි නොවේ. චුතූපපාත ඤාණය ලබන හැටි නොවේ.දිව්‍ය කණ උපදවාගැනීමේ අවශ්‍යතාවක් මට තිබුණේ නෑ.
හිස මුඩු කරගෙන සඟළ සිවුරු පොරවගෙන, රුක්සෙවණකට ගිහින් භාවනා කරන්නෙ, ප්‍රඥාවෙන් උත්තමභාවයට පත් වූ, උපතිස්ස තෙරුන් වහන්සේ.
සම්මා සම්බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව, ධ්‍යානයටසමවැදී ඉන්නවා. ඒකට කියන්නේ ආර්ය නිශ්ශබ්දතාවකියල. ඒ විතර්ක රහිත වූ ධ්‍යානයයි.
හොඳට පිහිටල තියෙන, ගල් පර්වතයසෙලවෙන්නෙ නෑ. මෝහය නැති කරපු භික්ෂුවත් නොසැලීඉන්නෙ පර්වතයක් වගේ.
කෙලෙස් රහිත පුරුෂයා නිතර ම සොයන්නෙපිරිසිදු ජීවිතයක්. කෙස් ලෝමයේ අග ගැටුණු කුඩා වරදක්පවා, එයාට පෙනෙන්නේ වළාකුලක් වගේ.
මරණය ගැනද මට දැන් කැමැත්තක් නෑ. ජීවිතයගැනත් මට දැන් කැමැත්තක් නෑ. හොඳ සිහියෙන් යුක්තවහොඳ ප්‍රඥාවෙන් යුක්තව මං මේ ශරීරය අත්හැරල දානවා.
මරණය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. ජීවිතයගැනත් මට දැන් කැමැත්තක් නෑ. පඩියක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ මං මේපිරිනිවන් පාන්ටයි කල් බලා සිටින්නෙ.
ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන්මතියෙන්නෙ මරණය මිසක් නොමැරී සිටීමක් නොවේ. ඒකනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිළිපදින්ට ඕන. වැනසීයන්න නම් ඒපා! මේ උතුම් අවස්ථාව මග හැරෙන්ට ඉඩදෙන්න එපා!
ජීවිතේ ධර්මය තුළින් ආරක්ෂා කරගන්ට ඕන,ඇතුළතිනුත් පිටතිනුත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපුනගරයක් වගෙයි. මේ උතුම් අවස්ථාව මග හැරෙන්ට ඉඩදෙන්න එපා! මේ උතුම් අවස්ථාව අහිමි කරගත්ත ගොඩක්පිිරිස නිරයේ ඉපදිලා දුක් විඳිනවා.
උපශාන්ත වෙන්ට ඕන. වරදින් වැළකී සිටින්ට ඕන.කථා බස් කළ යුත්තේ නුවණින් විමසලාමයි. උඩඟු වෙන්ටහොඳ නෑ. සුළං හමලා ගහක කොළයක් ගලවලා දානවවගේ පාපී දේවල් ඉවත් කරන්ට ඕන.
උපශාන්ත වෙලා, වරදින් වැළකිලා, නුවණින් විමසාකරන, උඩඟු නැති භික්ෂුව තමයි පාපී දේවල් ඉවත්කරන්නෙ සුළං හමලා ගහක කොළයක් ගැලවිලා යනවාවගෙයි.
උපශාන්ත වෙලා, කෙළෙස් පීඩා නැතිව, පහන්සිතින්, නොකැළඹුණු සිතින් ඉන්න, යහපත් ගුණධර්මඇති නුවණැති භික්ෂුවට හැම දුකක්ම අවසන් කරන්ටපුළුවන්.
සමහර ගිහිපැවිදි උදවිය ගැන විශ්වාස කරන්ටහොඳ නෑ. ඔවුන් කාලෙකට යහපත්. තව කාලෙකට අයහපත්. කාලෙකට අයහපත්. කාලෙකට යහපත්.
කාමාශාවත්, තරහත්, නිදිමත හා අලස බවත්, සිතේවිසිරීම හා පසුතැවීම ආදියත්, සැකයත් තමා භික්ෂුවගේසිත කෙලෙසලා දාන්නෙ.
එහෙත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන භික්ෂුවගේසමාධිය සත්කාර සම්මාන ඉදිරියේදීත්, අසත්කාර නින්දාඉදිරියේදීත් කම්පා වන්නෙ නැතිනම්,
හැම තිස්සෙම ධ්‍යාන වඩන, ඉති සියුම් දෘෂ්ටි පවාවිදර්ශනා කරන, උපාදාන නැති කිරීමෙහි ඇලූණ,භික්ෂුවටයි ”සත්පුරුෂයා” කියල කියන්නෙ.
මහ සාගරය, මහ පොළොව, මහමේරුව, මහ සුළංවගේ දේ පවා අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළඋතුම් විමුක්තියට උපමා කරන්ට බෑ.
මහා නුවණක් තියෙන, සමාධිමත් සිතක් තියෙන,බුදු සමිඳුන්ගේ ධර්ම චක්‍රය ඒ අයුරින්ම පවත්වන ඒ සැරියුත්තෙරුන් වහන්සේ මහා පොළොව වගේ, ජලය වගේ,ගින්නක් වගේ කිසි අරමුණකට ඇලෙන්නෙත් නෑ.ගැටෙන්නෙත් නෑ.
ප්‍රඥා පාරමිතාවට පත්වෙලා, මහා බුද්ධියකින් යුක්ත,මනා සිහිනුවණකින් යුක්ත, නිවී ගිය සිතක් ඒ භික්ෂුවටතියෙන්නේ. ඒ වුණත්, බුද්ධිහීන නැති ඒ භික්ෂුවහැමතිස්සෙම හැසිරෙන්නෙ කිසිවක් නොදන්න කෙනෙක්වගේ.
මාත් ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරුකළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම සිඳල දැම්මා.
අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න.මට කියන්ට තියෙන්නෙ එච්චරයි. සියලූ භවයෙන් නිදහස්වුණ මං දැන් පිරිනිවන්පාන්ටයි යන්නේ.
මේ වනාහී ආයුෂ්මත් සාරිපුත්ත නම් රහත් මුනිඳුන් වදාළගාථාවන්ය.