ඛුද්දකනිකායෙ
ථෙරගාථාපාළි
17. තිස්වෙනි නිපාතය
17.1. ඵුස්ස තෙරුන්ගේ ගාථා
පණ්ඩරගොත්ත නමින් තාපසයෙක් හිටිය. ඒතාපසයට දැකගන්ට ලැබුණ පැහැදීම ඇති කරවන බොහෝභික්ෂූන් වහන්සේලාව. උන්වහන්සේලාගේ ඉඳුරන් හරිමශාන්තයි. සිත් දියුණු කරල තියෙන්නෙ. ඒ ගැන ඵුස්සනම් රහතන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
මගේ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු මැනව.අනාගතයේ බිහිවන භික්ෂූන් වහන්සේලා කුමකට කැමතිවේවිද? ඉලක්කය කුමක් වේවිද? මොන වගේ ආකල්පවලින් යුක්ත වේවිද?
පින්වත් පණ්ඩර තාපසය, එහෙම නම්, මම කියනදේ අහන්න. අනාගතයේ සිදුවන දේ මම කියන්නම්.හොඳින් මතක තියාගන්න.
අනාගතයේ ඇති වන භික්ෂූන් වහන්සේලා, බොහෝවිට කරන්නේ ක්‍රෝධ කරන එක. පළිගන්න එක. ඇතිගුණ මකන එක. මාන්නයෙන් ඉදිමිලා නැති ගුණ හුවාදක්වන එක. ඉරිසියාවෙන් ඉඳගෙන වාදවිවාද කරන එක.
ගැඹුරු ධර්මය දන්න බවට මාන්නයෙන් හිතාගෙනවටපිටාවේ දුවන එක විතරයි ඒ ගොල්ල කරන්නේ. චපලසිත් ඇති ඒ උදවිය සද්ධර්මය කෙරෙහිත් ගෞරවයක් නෑ.ඔවුනොවුන් කෙරෙහිත් ගෞරවයක් නෑ.
අනාගත ලෝකයේ මේ විදිහට බොහෝ ආදීනවපහළ වෙනවා. බුදු සමිඳුන් මේ ධර්මය වදාළේ ඉතා පිරිසිදුලෙස. එහෙත් නොයෙක් මිත්‍යා මත වලින් මේ ධර්මයකිළිටි කරල දානවා.
අනාගතයේ බලවත් වෙන්නේ ඒ භික්ෂූන් තමයි. ඒඋදවිය සංඝයාගේ ප්‍රධානත්වය උසුලනවා. එහෙත්ගුණයෙන් හීනයි. දහම තුළ විශාරද නෑ. සද්ධර්මය දන්නෙත්නෑ. කටවාචාලකම විතරයි තියෙන්නෙ.
සංඝයා අතර වැඩසිටිනවා ගුණවත් භික්ෂූන්වහන්සේලා. ධර්මාවබෝධයත් තියෙනව. ලැජ්ජා බයත්තියෙනව. ඒ යහපත් භික්ෂූන් වහන්සේලාව වැඩකට නැති උදවිය වාගේ දුර්වල වෙලා යනවා.
ප්‍රඥා රහිත පාපී භික්ෂූන් මොකද කරන්නේ, ඒගොල්ල රන් රිදී කෙත් වතු එළු බැටලූවන් දැසි දස්සන්පිළි ගන්නවා.
ඔවුන්ට නුවණක් නෑ. සීලෙකුත් නෑ. සමාධියකුත්නෑ. මාන්නෙන් යුතුව හඬ උස්කරල කතා කර කර ඉන්නවා.සතුන් වගේ කෝලාහලවලට ඇලෙනවා.
අනාගත භික්ෂූන් වහන්සේලා නිල්පාට සිවුරුපොරෝගෙන උඩඟු කමින් කුහක කමින් චාටු බස් කියකියා ශෘංගාර ජීවිත ගත කරමින් උතුම් පුද්ගලයන් විදිහටපෙනී සිටිනවා.
අනාගත භික්ෂූන් වහන්සේලා සුදුපාට සිවුරුත්පොරව ගන්නවා. හොඳට තෙල් ගාල කොණ්ඩෙ පීරනවා.ඇස්වල අඳුන් ගාගෙන මහමග යනවා.
ඔවුන් ගිජු වන්නේ, සුදු පාට වස්ත්‍රයටයි. විමුක්තියටපත් සිතින් යුතු රහතන් වහන්සේලා පඬු ගසා පොරවනලද පිළිකුල් රහිත වූ ”අරහත් ධජය” නම් වූ කසාවත ඔවුන්පිළිකුල් කරනවා.
ඔවුන් ලාභයටමයි කැමති වන්නෙ. කම්මැලියි. කිසිවීරියක් නෑ. ඈත දුර වන සෙනසුන්වල හුදෙකලාවේ භාවනාකරන්ට ඔවුන්ට හැකියාවක් නෑ. ගම්වල පන්සල්වලට වෙලාකල් ගත කරනවා.
ඔවුන් ජීවත් වෙන්නෙ මිත්‍යා ආජීවයෙන්. ඔවුන්ටයම්කිසි ආදායමක් ලැබෙනව නම්, තමන්ගේ ශිෂ්‍යයන්වපුරුදු කරවන්නෙත් කිසියම් ආදායමක් ලැබෙන ජීවිතයකටයි. සංවර වෙන්න නොවෙයි.
යම් භික්ෂුවකට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාලැබෙන්නෙ නැත්නම්, ඔහුට කිසිම පිළිගැනීමක් නැතිවයනව. ආදායම් නැති, සුපේෂල, ප්‍රඥාවන්ත භික්ෂූන් සිටිනනමුත්, කවුරුත් උන්වහන්සේලා ඇසුරු කරන්නේ නෑ.
තමන්ගේ ධජය තමයි සිවුර. කලූනුග පොතු වලින්යුතු කහටින් පඬු ගහලයි, ඒ සිවුරු පිළියෙල කරන්නේ.නමුත් කසාවතට ගරහල අන්‍යාගමිකයන්ගේ සංකේතයවන සුදු වස්ත්‍ර දරාගන්නවා.
කසාවත ගැන ඔවුන්ගේ ගෞරවය නැතිවෙලාගියාම, චීවර ප්‍රත්‍යවේක්ෂාවත් ඔවුන් අත්හැරල දානවා.
විස සහිත හුලකින් පහර කාළ, දුක් පීඩා විඳ විඳහිටියත් ඒ ඡුද්දන්ත හස්ති රාජයා පවා කටුක පීඩා අභියස,නොසිතිය හැකිතරම් වේදනා ලැබෙද්දිත්, මේ උතුම්කසාවතට ගෞරව කළා.
එදා ඒ ඡුද්දන්ත හස්ති රාජයා, පඬු ගහල සකසපුඅරහත් ධජය දැකල ඒ සැණින්ම මෙන්න මේ ගාථාවන්කියන්න පටන් ගත්තා.
කෙලෙස් ඉවත් නොකළ කෙනෙක්, ඉන්ද්‍රියදමනයක් නැති කෙනෙක්, සත්‍යයයෙන් තොර කෙනෙක්,සිවුරු දරාගෙන හිටියත්, ඇත්තෙන්ම ඒ තැනැත්තා සිවුරටසුදුස්සෙක් නොවෙයි.
කෙලෙස් ඉවත් කරපු කෙනෙක්, සිල්වත් වෙලා,සමාහිත සිත් ඇතිව, ඉන්ද්‍රිය දමනයත් ඇතිව, සත්‍යයෙන්දයුක්තව නම් සිවුරු දරාගෙන ඉන්නෙ, ඇත්තෙන්ම එයාට මයි සිවුරු සුදුසු.
සීලයක් නැති, ප්‍රඥාවක් නැති, සිතට එන එන දේකරන කියන, අවුල් වී ගිය සිත් ඇති කුසල් දහම් නැතිකෙනෙකුට මේ සිවුර නම් ගැලපෙන්නෙ නෑ.
ඇත්තෙන්ම කෙනෙක් සිල්වත් වෙලා, සිත සමාහිතකරගෙන, පිරිසිදු අදහස් ඇතිව නම් ඉන්නෙ, එයාඒකාන්තයෙන්ම කසාවතට සුදුස්සෙක්.
කෙනෙක් උඩඟු නම්, මාන්නයෙන් ඉදිමිලා නම්,අවබෝධ ඥානයක් නැති නම්, සීලයකුත් නැති නම්, එයාටගැලපෙන්නේ සුදු වස්ත්‍රයක් තමයි. කසාවත් මොනවටද?
අනාගත භික්ෂූන් මෙන්ම භික්ෂුණීන්, දුෂ්ට සිතින්ඉඳගෙන, අගෞරවයෙන් තමයි කල් යවන්නෙ. මෛත්‍රීසිතින් වසන අකම්පිත සිත් ඇති රහතන් වහන්සේලාටත්ඒ උදවිය ගරහන්ට පටන් ගන්නවා.
සිල්වත් තෙරුන් වහන්සේලා, ඒ නුවණ නැති,දුස්සීල, ඉඳුරන් දමනයක් නැනි, සිතට එන එන දේ කරන,අඥානයව හික්මවන්ට මහන්සි ගත්තද, ඒකට ඇහුම්කන්දෙන්නෙ නෑ.
ඒගොල්ල හැදෙන්නෙ අන්න ඒ විදිහටයි. ඔවුනොවුන්කෙරෙහි ගෞරවයක් නෑ. උපාධ්‍යායන් වහන්සේලාකෙරෙහි ගෞරවයක් නෑ. රථාචාරියාට කීකරු නැතිඅශ්වයන් වගේ.
යහපත් භික්ෂූන්ගේත්, භික්ෂුණීන්ගේත් කාලයඅවසන් වෙලා යනකොට අනාගතයේ පහළ වන්නේ ඔයආකාර වත්පිළිවෙත් තමයි.
අනාගතයේදී මේ භයානක තත්වය ඇති වෙන්නෙ.ඒක සිද්ධ වෙන්න කලින්, ධර්මයට කීකරුව මෘදු සිත්ඇතිව මාන්නයක් නැතිව, ඔවුනොවුන් කෙරෙහිගෞරවයෙන් වාසය කරන්ට ඕන.
මෛත්‍රී සිත් ඇති කරගන්ට ඕන. කරුණාවන්තජීවිතයක් ගෙවන්ට ඕන. සිල්වත් වෙලා සංවරයෙන් යුක්තවපටන් ගත් වීරිය පවත්වන්ට ඕන. දිවි දෙවෙනි කොටධර්මයේ හැසිරෙන්ට ඕන. වීරියෙන් වාසය කරන්ට ඕන.
ධර්මයේ හැසිරෙන්ට ප්‍රමාද වීම භයානක දෙයක්වශයෙන් දකින්ට ඕන. අප්‍රමාදය කෙම්බිමක් වශයෙන්දකින්ට ඕන. ඒ අමා නිවන ස්පර්ශ කිරීමට ආර්ය අෂ්ටාංගිකමාර්ගය මවඩන්ට ඕන.
මේ වනාහී ආයුෂ්මත් ඵුස්ස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.