ඛුද්දකනිකායෙ

ථෙරගාථාපාළි

8. අටවෙනි නිපාතය

8.3. මහා පන්ථක තෙරුන්ගේ ගාථා

කිසිම විදිහයකින් බිය තැතිගැනීමක් නැතිවශාස්තෘන් වහන්සේ වැඩසිටින ආකාරය මං දැකගත්තෙයම් දවසකද, එදා ඒ මහා පුරුෂයාණන් දැකපු වෙලාවෙඉඳලා මට මං ගැනම සංවේගයක් ඇතිවුණා.

තමන්ගේ නිවසට පැමිණෙන ශ්‍රියා කාන්තාවටඅතින් පයින් ගහල එලවා දමනවා වගේ දෙයක් තමයිශාස්තෘන් වහන්සේගේ අවවාද නොපිළිගන්නා කෙනාකරන්නෙ.

ඒ නිසා මගේ අඹුදරුවනුත් මං අත්හැරියා. දේපලවස්තුවත් අත්හැරියා, කෙස් රැවුල් බැහැර කළා. බුද්ධශාසනයේ පැවිදි වුණා.

උතුම් ශික්ෂාපද රැකගෙන, ඉන්ද්‍රිය සංවරයත් ඇතිකරගත්තා. බුදු සමිඳාණන්ව වන්දනා කර කර මං ඉන්නෙ අපරාජිතවයි.

ඒ දවස්වල මගේ හිතේ දැඩි ලෙස පිහිටුවා ගෙනහිටියෙ එකම එක පැතුමයි. මේ තණ්හාව නමැති උලජීවිතය තුළින් උදුරා දමන තාක් මොහොතක් වත්ඉඳගන්නෙ නෑ.

මං ඒ වගේ වීරියකින් වාසය කළේ. ඒ මගේ වීරියදෙස බලන්න. මං ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුද්ධ ශාසනයසම්පූර්ණ කළා.

පුබ්බේනිවාසඥානයද ඇති කරගත්තා. දිවැස්නුවණත් පිරිසිදු කරගත්තා. අරහත්වයත් ලබාගත්තා. දැන්මම පුද පූජා ලැබීමට සුදුසු කෙනෙක්. කෙලෙසුන්ගෙන්නිදහස් වුණ කෙනෙක්.

රෑ ගෙවිල ගිහින් හිරු උදාවෙන කොට තෘෂ්ණාවවියලවා දමලා පළඟක් බැඳගෙන වාඩිවුණා.

මෙය වනාහී ආයුෂ්මත් මහාපන්ථක නම් රහත් මුනිඳුන්වදාළ ගාථාවන්ය.

අටවෙනි නිපාතය නිමා විය.(ගාථා අට බැගින් වදාළ කොටස නිමා විය)