ඛුද්දකනිකායෙ
ථෙරගාථාපාළි
8. අටවෙනි නිපාතය
8.2. සිරිමිත්ත තෙරුන්ගේ ගාථා
භික්ෂුවක් වශයෙන් ක්‍රෝධ කරන්නෙ නැති නම්,වෛර බඳින්නෙ නැතිනම්, මායා නැත්නම්, කේලම්නැත්නම්, එයා ඇත්තෙන්ම පරලොව ශෝක කරන්නෙනෑ.
ක්‍රෝධ නැති, වෛර නැති, මායා නැති, කේලාම්නැති හැම තිස්සෙම තමන්ගෙ ඉඳුරන් පාලනය කරගෙනනම් ඒ භික්ෂුව ඉන්නෙ, ඇත්තෙන්ම එයාට පරලොවශෝක කරන්න දෙයක් නෑ.
ක්‍රෝධ නැති, වෛර නැති, මායා නැති, කේලාම්නැති ඉතා යහපත් සිල් ඇතිව නම් ඒ භික්ෂුව ඉන්නෙ,ඇත්තෙන්ම එයාට පරලොව ශෝක කරන්න දෙයක් නෑ.
ක්‍රෝධ නැති, වෛර නැති, කේලාම් නැති ඒ භික්ෂුවකළ්‍යාණ මිත්‍රයන් සමඟ නම් ඉන්නෙ, ඇත්තෙන්ම එයාටපරලොව ශෝක කරන්න දෙයක් නෑ.
ක්‍රෝධ නැති, වෛර නැති, මායා නැති, කේලාම්නැති ඒ භික්ෂුව යහපත් ප්‍රඥාවකින් නම් ඉන්නෙඇත්තෙන්ම එයාට පරලොව ශෝක කරන්න දෙයක් නෑ.
එයා තුළ තියෙනවා නම් තථාගත බුදු සමිඳාණන්ගැන කාටවත් සොලවාලිය නොහැකි පැහැදීමක්, එයාතුළ තියෙනවා නම් ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කළ යහපත් ආර්යකාන්ත ශීලයක්.
එයා තුළ තියෙනවා නම් ආර්ය සංඝයා කෙරෙහිබලවත් පැහැදීමක්, එයා තුළ තියෙනවා නම් ඍජුව පවතිනඅවබෝධ ඤාණයක්, එයා දිළින්දෙක් නම් නොවේ. එයාටතියෙන්නෙ හිස් ජීවිතයක් නොවේ.
එම නිසා බුද්ධිමත් කෙනා ශ්‍රද්ධාවයි ශීලයයි, අචලප්‍රසාදයයි ඇති කරගෙන පැහැදිලි ධර්මාවබෝධයකින්ඇති කර ගෙනයි ධර්මයේ හැසිරිය යුත්තේ.
මෙය වනාහී ආයුෂ්මත් සිරිමිත්ත නම් රහත් මුනිඳුන් වදාළගාථාවන්ය.