ඛුද්දකනිකායෙ

ථෙරගාථාපාළි

20. හැටවෙනි නිපාතය

20.1. මොග්ගල්ලාන තෙරුන්ගේ ගාථා

අපි ඉන්නෙ මහ වනාන්තරයෙ. පිණ්ඩපාතෙනුයිජීවත් වන්නෙ. පාත්තරේට ලැබෙන දෙයකින් අපි සතුටුවෙනවා. අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාහිත කරගෙන ඉන්නෙ. අපි තමයි මාර සේනාව වනසලා දාන්නෙ.

අපි ඉන්නෙ මහ වනාන්තරයෙ. පිණ්ඩපාතෙනුයිජීවත් වන්නෙ. පාත්තරේට ලැබෙන දෙයකින් අපි සතුටුවෙනවා. අපි තමයි මාර සේනාව වනසලා දාන්නෙ. හස්තිරාජයෙක් උණ බටවලින් කරපු ගෙයක් සුණු විසුණු කරලදානවා වගේ.

අපි ගස් සෙවණෙ වාඩිවෙලා හැම තිස්සෙම භාවනාකරනවා. පාත්තරේට ලැබෙන දේකින් සතුටු වෙනවා.අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාහිත කරගෙන ඉන්නෙ.අපි තමයි මාර සේනාව වනසලා දාන්නෙ.

අපි ගස් සෙවණෙ වාඩිවෙලා හැම තිස්සෙම භාවනාකරනවා. පාත්තරේට ලැබෙන දේකින් සතුටු වෙනවා. අපිතමයි මාර සෙනග වනසලා දාන්නෙ. හස්ති රාජයෙක්උණ බටවලින් කරපු ගෙයක් සුණු විසුණු කරල දානවාවගේ.

ඒයි! ඇටසැකිල්ලකින් කරපු කුටියක් ඇතිතැනැත්තිය, මසින්, නහරින් මහල දාපු ඇඟක් ඇතිතැනැත්තිය, අශුචි පුරවාගෙන දුගඳ හමන ඇඟක් ඇතිතැනැත්තිය, ඒ විදිහට ඉඳගෙන අනුන්ගේ ශරීර ගැන ‘මගේමගේ’ කියා හිතන තිට නින්දා වේවා!

ඒයි! අශුචි පුරවා ගත් මල්ලක් වැනි තැනැත්තී,හමකින් වැසී ගිය ඇඟක් ඇති තැනැත්තිය, පපුවේ ගෙඩිහදාගත් තැනැත්තිය, පේ්‍රතියක් වැනි තැනැත්තිය, තිගේසිරුරේ හැම තිස්සේම අශුචි වැගිරෙන තැන් නවයක්තිබෙනවා.

තිගෙ සිරුරේ නව තැනකින් අශුචි වැගිරෙනවා.මේ සිරුර ඉතා දුගඳයි. තිගේ සිරුර නිවන් මගට ඇතිලොකුම බාධාවයි. පිරිසිදු ජීවිතයක් කැමැති භික්ෂුව විසින්ඒ අශුචි වළ දුරින්ම දුරු කළ යුතුයි.

ඉඳින්, මේ අශුචි පිරුණු ශරීරය ගැන මං දන්නාදේවල් තව කෙනෙක් දන්නවා නම්, ඒ කෙනා මේ ස්ත්‍රියදුරින්ම දුරු කරන්නෙ වැස්ස කාලෙට උතුරන අශුචි වළක්දුරු කරනවා වගේ.

(ස්ත්‍රිය) පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔබ විසින් ඔයපැවසූ දේවල්, මහා වීර ශ්‍රමණයන් වහන්ස, ඔය පැවසුවේඇත්තක්මයි. ඒ වුණත් සමහර මිනිස්සු ස්ත්‍රී ශරීරයටඇලෙන්නෙ මඩ වගුරක් දැක්කහම ඒකෙ බැහැල ගිලෙනනාකි හරක් වගේ.

(මොග්ගල්ලාන සමිඳු) කවුරු හරි කෙනෙක් කහපාටින් හරි වෙන පාටකින් හරි මේ ආකාසය සායම් කරන්ටහිතුවොත්, ඒ කෙනාට ඒක මහා වෙහෙසක්.

මගේ හිතත් අන්න ඒ අකාසය වගෙයි. අභ්‍යන්තරජීවිතය තුළ සිත සමාධිමත්වයි තියෙන්නෙ. මෝඩගැහැණියේ, මහා ගිනි ජාලාවකට පනින පැළඟැටියෙක්වගේ මා සමග ගැටෙන්නට ඇවිත් විපතට පත්වෙන්ටඑපා.

මේ ශරීරය ඇටවලින් ගලපලා හිටවලා තියෙන්නෙ.රෝග පීඩා වැළඳෙන මේ ශරීරය ගැන මෝඩ ජනයාහිතන්නෙ වෙන විදිහකට. ඒ ගොල්ල මේ ශරීරය විසිතුරුවිදිහට සරසනවා. නමුත් බැලිය යුත්තේ මේ ශරීරයේ සැබෑතත්වය ගැනයි. ස්ථිර කිසි දෙයක් මේ ශරීරයේ නෑ.

මුතු මැණික් ආභරණ වලින් සැරසුවත්, සමකින්ඔතා තිබෙන ඇටසැකිල්ලක් ඇති මේ ශරීරයේ සැබෑතත්වයමයි බලන්ට ඕනෑ. ලස්සනට පේන්නෙ ඇඳුම් නිසා.

යටි පතුල් පාට කරල තිබුණට, සුවඳ බුලත් විටකාල මුඛය සුවඳ කරගෙන හිටියට, මෝඩ ජනතාවගේමුලාවට විතරයි, ඒක ගැලපෙන්නෙ. නිවන සොයනකෙනෙකුට ඒකෙන් වැඩක් නෑ.

කෙස් වලින් නොයෙක් කොණ්ඩා මෝස්තරහදනවා. ඇස්වල අඳුන් ගානවා. මෝඩ ජනතාවගේ මුලාවටනම් ඒක ගැලපෙනවා. නිවන සොයන කෙනෙකුට එයින්වැඩක් නෑ.

මේ කුණු ශරීරය තියාගන්ට හදන්නෙ ලස්සනටසරසලා කැටයම් කරපු භාජනයක් වගේ. මෝඩ ජනතාවගේමුලාවට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයනකෙනෙකුට එයින් වැඩක් නෑ.

මුව වැද්දා උගුල අටවලා තිබුණා. ඒ වුණත් මුවා ඒඋගුලට අහුවුණේ නෑ. මුව වැද්දා හඬද්දී අපි ගොදුරුකාල පැනල දුවනවා.

මුව වැද්දාගේ උගුල කඩල බිඳල දැම්මා. මුවා උගුලටඅහුවුණේ නෑ. මුව වැද්දා දුක් වෙද්දී අපි ගොදුරු කාලපැනල දුවනවා.

නොයෙක් ආකාරයේ ගුණ සම්පත් තිබුණ සැරියුත්සමිඳුන් පිරිනිවන් පෑවා. ඒ වෙලාවෙ පොළොව කම්පාවුණා. බිහිසුණු දේ ඇති වුණා. ලොමුදැහැගැනීම් ඇතිවුණා.

ඇත්තෙන්ම සකස් වෙච්ච දේවල් අනිත්‍යයි. ඒවායෙතියෙන්නෙ ඇති වී නැති වී යන ස්වභාවයක්. ඒ සකස්වන දේවල් හට අරගෙන නැතිවෙලා යනවා. මේ ස්වභාවයසංසිඳීමයි සැපය.

මේ පංචඋපාදානස්කන්ධය දිහා බැලිය යුත්තේඅනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. තමන්ගෙ දෙයක්වගේ බැලිය යුතු නෑ. අන්න ඒ උදවියට අස් ලෝමයකින්අස් ලෝමයකට විදින දක්ෂ දුනුවායන් වාගේ මේ ඉතාසියුම් ධර්මය අවබෝධ කරගන්ට පුළුවන්.

මේ සකස් වෙච්ච දේවල් දිහා බලන්ට ඕනෑඅනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. තමන්ගේ දෙයක්ලෙස දකින්ට හොඳ නෑ. අන්න ඒ උදවියට අස් ලෝමයකින්අස් ලෝමයකට විදින දක්ෂ දුනුවායන් වගේ මේ ඉතාසියුම් ධර්මය අවබෝධ කරගන්ට පුළුවන්.

ආයුධයකින් පහර කාලා තුවාල වුණ කෙනෙක්බෙහෙත් කරන්ට කලබල වෙනවා වගේ, හිසට ගිනිඇවිලූණ කෙනෙක් එය නිවාගන්ට කලබල වෙනවා වගේභික්ෂුවක් සිහිය උපදවාගෙන කාම ආශාව නැති කරන්ටමයි මහන්සි විය යුත්තේ.

ආයුධයකින් පහර කාලා තුවාල වුණ කෙනෙක්බෙහෙත් කරන්ට කලබල වෙනවා වගේ, හිසට ගිනිඇවිලූණ කෙනෙක් එය නිවාගන්ට කලබල වෙනවා වගේභික්ෂුවක් සිහිය උපදවාගෙන භව රාගය නැති කරන්ටමයිමහන්සි ගත යුත්තෙ.

අන්තිම සිරුර දරා සිටින දියුණු කළ සිත් ඇති බුදුසමිඳුන් විසිනුයි මාව මේ වැඬේට යෙදෙව්වේ. ඉතින් මං පූර්වාරාම විහාරය මේ මහපට ඇඟිල්ලෙන් සොලවා කම්පාකළා.

මේ කෙලෙස්වලින් නිදහස් වෙලා නිවන අවබෝධකිරීම සුළු පටු වීරියකින් කරන්ට පුළුවන් දෙයක් නොවෙයි.සුළු උත්සාහයකින් කරන්ට පුළුවන් දෙයක් නොවෙයි.

නමුත්, මේ තරුණ භික්ෂුව උදාර පුරුෂයෙක්. මාරසේනාව පරාජය කරල අන්තිම සිරුරක් දරා සිටින්නටඑයාට පුළුවන් වුණා.

”වේභාර” පර්වතයටත් ”පාණ්ඩව” පර්වතයටත් අතරඇති බෑවුම පැත්තට විදුලි එළිය වැටෙනවා. ඒ කන්දෙගුහාවක තමයි ඒ භික්ෂුව භාවනා කරන්නෙ. ඒ භික්ෂුවඅකම්පිත සිත් ඇති, අසම ගුණ ඇති. බුදු සමිඳුන්ගේපුත්‍රයෙක්.

එයා උපශාන්තයි. සංවරයි. ඈත දුර වනාන්තරයේවාසය කරන මුනිවරයෙක්. උතුම් බුදු සමිඳුන්ගේ දායාදයබවට පත් වූ කෙනෙක්. බ්‍රහ්මයා විසිනුත් වන්දනා කරනකෙනෙක්.

පින්වත් බ්‍රාහ්මණය, ඔබත් ඒ උපශාන්ත වූ පවින්තොර වූ වනාන්තරයේ වසන මුනිඳුන් වූ උතුම් බුදුසමිඳාණන්ගේ දායාදය වූ මහා කාශ්‍යප තෙරිඳුන්ට වන්දනාකරන්න.

ආත්මභාව සීයක් මුළුල්ලේම මිනිස් ලෝකයේබ්‍රාහ්මණ කුලයේ වේද හදාරණ බමුණෙක් වෙලා යමෙක්උපන්නොත්,

ඒ ති්‍රවේදයෙහි පරතෙරට පත් බ්‍රාහ්මණයාට යමෙක් වන්දනා කළොත්, ඒ වන්දනාව මහා කාශ්‍යප තෙරුන්ටකරන වන්දනාවෙන් දහසයෙන් එකක් වත් වටින්නෙ නෑ.

යම් භික්ෂුවක් උදේ වරුවේ අෂ්ට විමෝක්ෂයටසමවැදී යළිත් අනුලෝම ප්‍රතිලෝම වශයෙනුත් සමවැදීඊට පස්සෙ තමයි ඒ භික්ෂුව පිණ්ඩපාතෙ වඩින්නෙ.

පින්වත් බ්‍රාහ්මණය, එවැනි භික්ෂුවකට කරදරකරන්න එපා. තමන්ව වනසා ගන්න එපා. අරහත් වූඅකම්පිත සිත් ඇති මුනිවරයා කෙරෙහි සිත පහදාගන්න.වහා දෑත් එක් කොට වන්දනා කරන්න. ඔබේ හිස පළාගන්ටඑපා!

ඒ තැනැත්තා ඉස්සරහට අරගෙන ඉන්නෙසංසාරයමයි. සද්ධර්මය දකින්නෙ නෑ. වක්‍ර ගමනකයි එයායන්නෙ. මිත්‍යා ගමනකයි එයා යන්නෙ.

සංස්කාරයන්ම වැළඳගෙන ඉන්නෙ අසුචි තවරාගත්පණුවෙක් වගේ. යම් භික්ෂුවක් ලාභ සත්කාරවලට ගිජුවුණොත් එයාට ගමන් කරන්න තියෙන්නෙ හිස් ගමනක්.

එහෙත් අර වඩින සැරියුත් මුනිඳුන් දෙස බලන්න.කොයිතරම් සුන්දර කෙනෙක්ද? උන්වහන්සේ ශමථ,විදර්ශනා දෙකම කෙළවර දක්වා දියුණු කරලදෙපැත්තෙන්ම නිදහස් වෙලයි ඉන්නෙ.

අර වඩින සැරියුත් මුනිඳුන් දෙස බලන්න.උන්වහන්සේ තුළ කෙලෙස් හුල් නෑ. සියලූ බන්ධන කැඩිලතියෙන්නෙ. ති්‍රවිද්‍යාව ලබල ඉන්නෙ. මාරසේනාවපැරැද්දුවා. ඒ නිසාම මිනිස්සුන්ගේ පුද පූජාවන් ලැබීමටසුදුසු උතුම් පිං කෙතක් වෙලා ඉන්නෙ.

බොහෝ දෙවිවරු දහ දාහක් වගේ පිරිසක්මෙතැනට ඇවිත් ඉන්නෙ, ඒගොල්ල ඔක්කොම ඉර්ධිමත්.කීර්තිමත්. බ්‍රහ්ම පුරෝහිත ලෝකයේ ඉන්න ඔක්කොමදෙවිවරු ඇවිදින් ඉන්නෙ. ඒගොල්ල ඔක්කොම දෑත් බැඳගෙන මුගලන් තෙරුන්ව වන්දනා කරමින් ඉන්නෙ.

ශ්‍රේෂ්ඨ පුරුෂය, ඔබට නමස්කාර වේවා!පුරුෂෝත්තමය, ඔබට නමස්කාර වේවා! ඔබ තුළ ආශ්‍රවයන්නෑ. දුක් රහිත මුනිඳුනි, ඇත්තෙන්ම ඔබ ලෝකයාගේ දන්පැන් පිළි ගැනීමට සුදුස්සෙක්.

දෙවියොත් මිනිස්සුත් ඒ භික්ෂුවට ගෞරව කරනවා.එයා ඉපදුණේ මේ ජරා මරණ ලෝකයේ. අන්තිමේදී ඒජරා මරණ ලෝකයෙන් නිදහස් වෙලා දැන් වාසයකරන්නෙ, මඩ වගුරක හැදිල මඩ නොතැවරී පිපිල තියෙනසුදු නෙළුම් මලක් වගෙයි. කිසිවක් සමග වත් නොතැවරීඉන්නෙ.

ඒ භික්ෂුවට නිමේෂයකින් දහසක් ලෝක ධාතුවදැනගන්ට පුළුවන්. මහා බ්‍රහ්මයා හා සමාන කෙනෙක්,ඉර්ධි බලයෙනුත් යුක්තයි. චුතූපපාත ඤාණයෙනුත් යුක්තයි.ඒ භික්ෂුව සුදුසු කල දෙවියන්වත් දකිනවා.

යම් කෙනෙක් සසරින් එතෙර වුණේ ප්‍රඥාවෙනුත්,සීලයෙනුත්, සංසිදීමෙනුත් නම් ඒ කෙනා සැරියුත් තෙරුන්වගේමයි. සැරියුත් තෙරුන් මේ කරුණු තුනෙන්ම අග්‍රකෙනෙක්.

මට නිමේෂයකින් කෝටි ලක්ෂයක් ආත්ම භාවයන්මවන්ට පුළුවනි. මට ඕන ඕන පිළිවෙලට ඉර්ධි බලයහසුරුවන්ට පුළුවනි. මා විසින් මේ ඉර්ධි බලය වශී කරගෙනයි තියෙන්නෙ.

ඒ භික්ෂුව සමාධියෙත් නුවණෙත් පරතෙරට ගියතෘෂ්ණාවෙන් නිදහස් වූ මුනිඳුන්ගෙ සසුනෙ තමයි ඉන්නෙ.මොග්ගල්ලාන ගෝත්‍රයට අයිති ඒ නුවණැති භික්ෂුව එකඟවූ සිිතින් කෙලෙස් කඩල බිඳල දැම්මෙ රසකිඳ වැලක්කඩාදාන හස්තිරාජයෙක් වගේ.

මාත් ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරුකළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බරපැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම සිඳල දැම්මා.

මං ගිහිගෙය අත්හැරල මහණ වුණේ උතුම් අදහසක්ඇතිවයි. මේ සියලූ බන්ධනවලින් මං නිදහස් වෙනවාකියන උතුම් අදහස මං ඉෂ්ට කරගත්තා.

ඒයි මාරය, ”දුසී” නමින් මාරයෙක් හිටියා. ඉතින් ඒමාරයා, කකුසඳ බුදුරජාණන් වහන්සේටත් ”විධුර” නමින්සිිටි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේටත් පීඩා කළා. අන්තිමේදී ඒමාරයා නිරයේ ඉපදිලා අනන්ත දුක් වින්දේ මෙහෙමයි.

කකුසඳ බුදු සමිඳුන්වත්, විධුර නම් ශ්‍රාවකමුනිඳුන්වත් පීඩාවට පත්කරපු ඒ දුසී මාරයා නිරයේ ඉපදිලාඅනන්ත දුක් වින්ඳේ මෙහෙමයි. ඒ නිරිසතා හැම තිස්සෙමයකඩ හුල් සියයකින් පහර කනවා. ඒ හුල් සීයෙන්මලැබෙන්නෙ වෙන වෙනම වේදනාවල්.

දැන් ඒ කර්ම විපාක දැනගත් කෙනා බුදු සමිඳුන්ගේශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?

මුහුද මැද තියෙනවා කල්පයක් පවතින අතිශයින්ම ලස්සන දිව්‍ය විමාන. ඒවා බබලන මැණික් වගෙයි. ඒවිමානවල නොයෙක් පාටින් බබලමින් දිව්‍ය අප්සරාවෝනටනවා.

දැන් ඒ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?

බුදු සමිඳුන් තමයි මට වදාළේ. ඊට පස්සෙ මංභික්ෂු සංඝයා බලා සිටිද්දීම මගේ මේ මහපට ඇඟිල්ලෙන්පූර්වාරාම විහාරය කම්පා කළා.

දැන් ඒ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?

සක්දෙව් රජුගේ වෛජයන්ත ප්‍රාසාදයත් තමන්ගේඉර්ධි බලයෙන් මහපට ඇඟිල්ලෙන් කම්පා කරවල ඒදෙව් පිරිසත් තැති ගැන්නුවා. ඒ වැඬේ කළ භික්ෂුවත්මමයි.

දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?

වෛජයන්ත ප්‍රාසාදයේ සිටිය සක්දෙව් රජුගෙන් ඒභික්ෂුව මෙහෙම ඇහැව්වා. ”ඇවැත්නි, තණ්හාවෙන් මිදෙනආකාරය ඔබ දන්නවාද?” සක් දෙවිඳුන් තමන් අසා දැනගත් ආකාරයටම ඒ භික්ෂුවට ඒ දහම පැවසුවා. මම තමයිඒ භික්ෂුව.

දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?

සුධර්මා නමින් දිව්‍ය සභාවක් තිබෙනවා. ඒ සභාවටමහා බ්‍රහ්මයාත් ඇවිත් හිටියා. ඒ භික්ෂුව මහා බ්‍රහ්මයාගෙන් මෙහෙම ඇහැව්වා. පින්වත් දෙවිය, ඔබ තුළ ඉස්සරමිත්‍යා දෘෂ්ටියක් තිබුණා. ඒ දෘෂ්ටිය ඔබ තුළ තාමත්තියෙනවා ද? ශ්‍රාවක පිරිස පිරිවරාගෙන බඹලොවසැරිසරණ බුදු සමිඳුන්ගේ ආලෝකය දෙස බලන්නැ’යිපැවසූ ඒ භික්ෂුවත් මම තමයි.

එතකොට මහා බ්‍රහ්මයා ඒ භික්ෂුවට මෙහෙම කිව්ාව.”ඇවැත්නි, දැන් මා තුළ අර කලින් තිබු දෘෂ්ටිය නෑ.

මම අද කියන්නෙ කොහොමද, නිත්‍යයයි කියලහෝ සදාකාලිකයි කියල හෝ ශ්‍රාවක පිරිස පිරිවරාගෙනබඹ ලොව සැරිසරන බුදු සමිඳුන්ගේ ආලෝකය මං දැන්දකිනවා.”

දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?

ධ්‍යාන විමෝක්ෂ බලයෙන් මහාමේරු පර්වත මුදුනස්පර්ශ කළේත් භික්ෂුවක්. දඹදිව පූර්ව විදේහ කියන රටේමිනිසුන් නිදන භූමිය ස්පර්ශ කළේත් භික්ෂුවක්. මම තමයිඒ භික්ෂුව.

දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?

”මං මේ මෝඩයව පුච්චල දානව” කියල ගින්නහිතන්නෙ නෑ. නමුත් මෝඩ තැනැත්තාම ඇවිලෙන ගින්නටවැදිල පිච්චිලා යනවා.

ඒයි මාරය, අන්න ඒ වගේ නුඹත් මේ හැප්පෙන්ටහදන්නෙ රහත් භික්ෂුවක් එක්ක. මෝඩයෙක් ගින්නත් එක්කගැටෙන්ට ගිහින් පිච්චිලා යනවා වගේ පිච්චිල යන්ටදහදන්නෙ?

ඒයි මාරය, එදා දූසී මාරයාත් තථාගතයන් වහන්සේනමකට පීඩා කොට පව් රැස් කරගත්තා. තමන්ට පව්පිපාක දෙන්නෙ නෑ කියලද නුඹ හිතන්නෙ?

ඒයි මාරය, නුඹගේ ඔය වැඩ නිසා බොහෝ කලක්විපාක දෙන පව් තමයි රැස් වෙන්නෙ. ඒයි මාරය, ඒ නිසාබුදු සමිඳුන් ගැනත් භික්ෂූන් ගැනත් කලකිරිලා පව් කරන්ටආශා කරන්ට එපා!

භේසකලා වනයේදීයි මොග්ගල්ලාන භික්ෂුව ඔයවිදිහට මාරයාට තර්ජනය කළේ. එතකොට මාරයගෙ සිතදුකට පත් වුණා. එතනම අතුරුදහන් වෙලා නොපෙනීගියා.

මේ වනාහී ආයුෂ්මත් මහා මොග්ගල්ලාන නම් රහත් මුනිඳුන්වදාළ ගාථාවන්ය.

හැටවෙනි නිපාතය නිමා විය.(ගාථා හැට බැගින් වදාළ කොටස නිමා විය)