ඛුද්දකනිකායෙ
ථෙරගාථාපාළි
21. මහා නිපාතය
21.1. වංගීස තෙරුන්ගේ ගාථා
ගිහි ගෙය අත්හැරල බුදු සසුනේ මං පැවිදි බවලබලා සිටිද්දීත්, මේ පහත් ළාමක අකුසල විතර්කයන්මගේ පස්සෙන් ලූහු බඳිනවා.
දුන්නෙන් විදින්ට දක්ෂ ලෙස පුහුණු වෙච්ච දාහක්සේනාව ඇවිදිල්ල මාව වටකර ගෙන ඊතල දාහකින් මටවිද්දත් මේ කෙලෙස් සටනින් මං පැනල යන්නෙ නෑ.මාව හෙළන්ටත් බෑ.
ඒ වගේම ස්ත්‍රීන්ගේ බලය ඊතලවලටත් වඩා බලවත්.නමුත් කොයි ස්ත්‍රියක් පැමිණුනත් ඔවුන්ට මාව පොළඹවාගන්ට බැහැ. මං සද්ධර්මයේ පිහිටලයි ඉන්නෙ.
හිරු ගොත් වංශයේ උපන් බුදු සමිඳුන් වෙතිනුයිමං මේ නිවන් මඟ දැනගත්තේ. දැන් හැම තිස්සෙම මගේසිත පවතින්නේ ඒ නිවන් මගේමයි.
ඒයි මාරය! මං ඒ විදිහට නිවන් මගේ ගමන් කරද්දීනේද නුඹ ඔය විදියට පැමිණෙන්නෙ. නමුත් මං ගියමාර්ගය නුඹට යාන්තමින් වත් දැකගන්ට බැරි විදිහටයිමගේ මරණය සිදුකර ගන්නෙ.
භාවනාවට ඇති අකැමැත්ත දුරු කරනවා නම්,කාම සිතුවිලිවලට ඇති කැමැත්තත් දුරු කරනවා නම්,ළාමක විතර්කත් දුරු කරනවා නම්, තෘෂ්ණාවත්කොහෙත්ම හදන්නෙ නැත්නම්, එයා තෘෂ්ණාවෙන් නිදහස්වෙනවා. ඒ තෘෂ්ණාව රහිත තැනැත්තාටයි භික්ෂුව කියන්නෙ.
අහසේත්, පොළොවේත් මේ ලෝකය තුළ සතරමහා ධාතූන්ගෙන් හටගත් යම්තාක් දේවල් ඇද්ද ඒඔක්කොම අනිත්‍යයි. ඒ ඔක්කොම දිරල යනවා. රහතන්වහන්සේලා ඔය කාරණය අවබෝධ කරගෙනයි ඉන්නෙ.
කෙලෙස් සහිත සත්වයා මීට වෙනස්. රූප, ශබ්ද,ගන්ධ, රස, පහස යන මේවාට එයා මුසපත් වෙනවා. ඔයදේවල් ගැන කිසි ආශාවක් නැතිව ඒවා සිතේ තවර ගන්නෙනැතිව කෙලෙස් රහිතව ඉන්න කෙනාටයි මුනිවරයාකියන්නෙ.
පෘථග්ජන සත්වයා ඉන්නෙ අධර්මයේ බැසගෙනයි.ඊට පස්සෙ හැට අටක් වාදවලට පැටලිලා තර්ක කරගන්නවා. නමුත් ඒ කිසි දේකට පැටලෙන්නෙ නැතිව එයින්නිදහස් වෙලා වැඩකට නැති දේ කතා නොකරන කෙනාභික්ෂුවකි.
නුවණැති භික්ෂුව බොහෝ කලක් සිත සමාහිතකරමින් ඉන්නෙ. කුහක බවිනුත් තොර නම් තැනට සුදුසුනුවණින් යුක්ත නම්, තෘෂ්ණා රහිතව නම් ඉන්නෙ පරමශාන්තිය වූ අමා නිවන සාක්ෂාත් කළ ඒ මුනිවරයාපිරිනිවෙන්නටයි කල් බලා සිටින්නෙ.
පින්වත් ගෞතමය, මාන්නය දුරු කරන්න. මාන්නයහැදෙන මාර්ගයත් ඉතිරි නැතිවම දුරු කරන්න. මානමාර්ගයට වැටිල මුසපත් වුණොත් බොහෝ කලක් විපිළිසරවේවි.
මේ ගුණමකු බව තමයි, සත්වයන්ගේ ගුණ මකන්නෙ. මාන්නය විසින් මේ සත්වයන්ව වනසලාදානවා. ඉතින් ඒ සත්වයන් ඒ නිසාම නිරයට වැටෙනවා.නිරයේ වැටිල බොහෝ කලක් ශෝක කරනවා.
නිවන් මගේ ගමන් කරල යහපත් වැඩපිළිවෙලකයෙදිල ජය ලබාගත් භික්ෂුව කවදාවත් ශෝක කරන්නෙනෑ. කීර්තියක් සැපයක් අත් විඳින ඒ භික්ෂුව සත්‍යයටපැමිණිලා ධර්මය දකින කෙනා කියලයි නුවණැත්තන්කියන්නෙ.
ඒ නිසා කෙලෙස් හුල් නැති කරගන්න. වීර්යවඩන්න. නීවරණ ප්‍රහාණය කරන්න. පිරිසිදු බවටපත්වෙන්න. මාන්නය නැති කරන්න. සන්සුන් සිතක් ඇතිකරගන්න. විද්‍යාව පහළ කරගන්න. දුක අවසන් කරන්න.
පින්වත් ගෞතමයනි, (පින්වත් ආනන්ද ස්වාමීන්වහන්ස,) මගේ සිත දැන් කාමරාගයෙන් ගිනි ගන්නවා.හැම පැත්තෙන්ම මේ සිත ගිනි ගන්නවා. අනේ! මටඅනුකම්පා කරල මේ රාග ගින්න නිවාදමන උපායක් කියලදෙන්න.
ඇත්තෙන්ම ඔබ සංඥාවකට මුල වෙලා ඉන්නෙ.ඒ නිසයි ඔබේ සිත ගිනි ගන්නෙ. රාගය ඇති කරවන සුභනිමිත්ත වහාම දුරු කරන්න. සකස් වෙච්ච හැමදෙයක්ම අනුන්ගේ දෙයක්හැටියට බලන්න. දුක් වශයෙන් බලන්න. තමන්ගේ දෙයක්හැටියට බලන්න එපා. ඒ මහා රාගය වහා නිවා දමන්න.ආයෙත් නම් මේ රාග ගින්නට ඔබ නොපිළිස්සේවා!
සිත හොඳට එකඟ කරගෙන, සමාහිත කරගෙන, අශුභ භාවනාව තුළ සිත වඩන්න. කායානුපස්සනාවේසිහිය පිහිටුවා ගන්න. කලකිරීමම බහුල කරගෙන වාසයකරන්න.
කෙලෙස් නිමිති නැති විදර්ශනා වඩන්න. සිතඇතුළේ තිබෙන මාන්නය උදුරා දමන්න. මාන්නය අවබෝධකරගෙන නිදහස් වෙන්න. උපශාන්ත සිතින් කල් ගෙවන්න.
ඇත්තෙන්ම, තමාවත් පෙළන්නෙ නැති අනුන්ව ත්පෙළෙන්නෙ නැති වචන කතා කරන්ට ඕනෑ. ඒවචනවලටයි සුභාෂිත කියන්නෙ.
ප්‍රිය වචනමයි කතා කරන්ට ඕනෑ. කවුරුත්පිළිගන්නෙ ඒ ප්‍රිය වචනයි. නරක වචන අයින් කරලකාටත් ප්‍රිය උපදවන වචනයි කතා කරන්න ඕනෑ.
ඇත්තෙන්ම සත්‍ය කියන්නෙ අමා වචනයක්. සත්‍යසනාතන ධර්මයක්. ඒ නිසා සත්පුරුෂ උතුමන් වචනකතා කරද්දී සත්‍ය තුළ ඉන්නවා. අර්ථය තුළ ඉන්නවා.ධර්මය තුළ ඉන්නවා.
භය නැතිකරල අමා නිවන කරා ගෙනයන යම්වචනයක් බුදු සමිඳුන් වදාළ සේක්ද දුක් නිමා කරනඅන්න ඒ වචනය ලෝකයේ සියලූ වචනවලට වඩා ශ්‍රේෂ්ඨයි.
සැරියුත් සමිඳුන්ගේ ප්‍රඥාව ඉතා ගැඹුරුයි. පුදුමාකාරනුවණක් තියෙන්නෙ. මාර්ගයත්, අමාර්ගයත් තෝරාදෙන්ටඅතිශයින්ම දක්ෂයි. මහා ප්‍රඥාවෙනුයි ඒ සැරියුත් තෙරුන්භික්ෂූන්ට දහම් දෙසන්නෙ.
උන්වහන්සේට පුළුවනි කෙටියෙනුත් දහම් දෙසන්ට.උන්වහන්සේට පුළුවනි විස්තර වශයෙනුත් දහම් දෙසන්ට. සැලලිහිණියෙකු ගේ වගේ මිහිරි හඬක් තියෙනවා. ධර්මයදේශනා කරන්ට පටන් ගත්තහම දිගින් දිගටමඋන්වහන්සේගේ ප්‍රතිභා ශක්තිය මතුවෙලා එනවා.
ඒ මිහිරි, සිත්කළු වචන හැම දෙනෙක්ම අහගෙනඉන්නවා. දෙසවන් පිනවන මිහිරි ස්වරයෙන් යුතු ඒ වචනඅසන්නට භික්ෂූන් හරි කැමතියි. කණ් යොමු කරගෙනඅසාගෙන ඉන්නෙ හරි ප්‍රීතිමත් සිතකින්.
අද පුන් පොහෝ දවසක්. පිරිසිදු උපෝසථයකරන්ට පන්සීයක් රහතන් වහන්සේලා වැඩල ඉන්නෙ.භව බන්ධන නැති කරපු, පුනර්භවය විනාශ කළ, දුකින්නිදහස් වූ ඒ සියලූ භික්ෂූන්ම ඉසිවරයන් වහන්සේලාය.
මහා සාගරය සීමා කරගෙන තිබෙන මේ පෘථිවියසිසාරා ඇමැතිවරුන් පිරිවරාගෙන සැරිසරන සක්විතිරජෙක් වගේ.
ඒ විදිහමයි මාර සේනාව පරදවලා ජය අරගෙනසිටින ත්‍රිවිද්‍යාව ලබාගත්තු ශ්‍රාවකයින් පිරිවරා ගෙනයිඅනුත්තර වූ ශාස්තෘන් වහන්සේ සැරිසරා වඩින්නෙ.
රහතන් වහන්සේලා කියන්නෙ භාග්‍යවතුන්වහන්සේගෙ දරුවෝ. අසරණ වූ කිසි දෙයක්උන්වහන්සේලා තුළ නෑ. තෘෂ්ණා හුල උදුරා දමන හිරුගොත් වංශයේ උපන් මුනිඳාණන් වන්දනා කරන,
දාහකට වැඩි මේ භික්ෂු පිරිස සුගතයන්වහන්සේමයි ඇසුරු කරන්නෙ. උන්වහන්සේ අපට කියලදුන්නෙ, කිසිම ආකාරයකින් බියක් ඇති නොවන,නිකෙලෙස් වූ ”අමා නිවන නම් ධර්මය”යි.
සම්බුදු සමිඳුන් වදාරණ ඒ නිර්මල ධර්මය තමයිභික්ෂූන් අසන්නෙ. භික්ෂු සංඝයා පිරිවරා ගෙන බුදු සමිඳුන්වැඩසිටින ඒ දර්ශනය අතිශයින්ම සුන්දරයි.
ඉසිවරුන් අතර හත්වැනි පරම ඉසිවරයා යැයි කිවහැකි භාග්‍යවතුන් වහන්සේ ”නාග” වන සේක. ශ්‍රාවකජනයා වෙත දහම් වැසි වසින්නේ මහා වැස්සක් වහිනවාවගෙයි.
මං දිවා විහරණයෙන් නික්මිලා මෙහි පැමිණුනේශාස්තෘන් වහන්සේව බැහැ දකින්ටමයි. මහා වීරයාණෙනි,ඔබ වහන්සේගේ පා කමල් වඳින්නේ වංගීස නම් වූ ශ්‍රාවකභික්ෂුවයි.
බුදු සමිඳුන් දෙස බලනු මැනවි. උන්වහන්සේමාරයාගේ කෙලෙස් මාර්ගය වහල දැම්මා. කෙලෙස් හුල්නැති කළා. නිදහසේ හැසිරෙන්නෙ. විස්තර විභාගවශයෙන් සදහම් කියල දෙනවා. හැම බන්ධනයෙන්මනිදහස් කරවල මේ සත්වයන්ව කෙලෙස්වලින් මුදවනවා.
උන්වහන්සේ නිවන් මග වදාළේ මේ කෙලෙස් සැඩපහරින් එතෙර වීම පිණිසමයි. නොයෙක් ආකාරයෙන් ඒඅමා නිවන් මග කියා දෙන කොට භික්ෂූන් වහන්සේලාදඒ කැළඹීම් රහිත අමා නිවනේම පිහිටියා.
සදහම් ආලෝකය උදාකරන, පවතින හැමදෙයක්මඉක්මවා යන ධර්මයක් තමයි උන්වහන්සේ අවබෝධ කළේ.තමන් වහන්සේ සාක්ෂාත් කළ ඒ උතුම් ධර්මයඉස්සෙල්ලාම කියා දුන්නෙ පස්වග මහණුන්ටයි.
ඉතින් මෙතරම් සුන්දර ලෙස දේශනා කර තිබෙනධර්මයක් තියෙන කොට ඒ ධර්මය දන්න කොට ප්‍රමාද වන්නෙ කුමටද? එ නිසා හැමතිස්සේම භාග්‍යවතුන්වහන්සේට නමස්කාර කරන්ට ඕනෑ. අප්‍රමාදීව ධර්මයේහැසිරෙන්ට ඕනෑ.
දැඩි වීරියෙන් යුතු බුද්ධානුබුද්ධ වූ ඒ කොණ්ඩඤ්ඤනම් රහතන් වහන්සේ හැම තිස්සේම විවේක සැපයෙන්තමයි වැඩසිටියේ.
ශාස්තෘන් වහන්සේගේ අවවාද පිළිඅරගෙනහික්මෙන ශ්‍රාවකයෙක් යම් අර්ථයක් ලැබුවද, අප්‍රමාදීවහික්මෙන සියලූ ශ්‍රාවකයන් ඒ අර්ථය ලබාගත්තා.
ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් මහානුභාව සම්පන්නයි.අනුන්ගේ සිත් දැනගන්නා නුවණින් යුක්තයි. බුදු සමිඳුන්ගේදායාදයක්. උන්වහන්සේ තම ශාස්තෘන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරනවා.
ත්‍රිවිද්‍යාලාභී ඒ ශ්‍රාවකයෝ මාරයාගේ ඇසුරින් ඉවත්වෙලයි ඉන්නෙ. දුකින් එතෙරට වැඩි බුදු සමිඳුන් ඉසිගිලියේකළුගල් තලාවේ වැඩ ඉන්නකොට ඒ ශ්‍රාවකයින්උන්වහන්සේව පිරිවරා ගන්නවා.
මුගලන් තෙරුන්ගේ ඉර්ධිමත් බව හරි පුදුමයි.කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච නිකෙලෙස් හිතක්උන්වහන්සේට තියෙන්නෙ. ඉතින් උන්වහන්සේට පුළුවන්තමන්ගේ සිතින් ඒ භික්ෂූන්ගේ සිත් ගැන කියන්ට.
මේ විදිහේ විවිධාකාර හැකියාවන් උන්වහන්සේලාටතියෙනවා. සියලූ ගුණයෙන් සපිරුණ බුදු සමිඳුන්ව පිරිවරාගෙන ඉන්නෙ එවැනි භික්ෂූන් තමයි.
වලාකුළු නැති ආකාසයේ පුන් සඳ මඬල බබලනකොට හරි ලස්සනයි. හැම බාධාවක්ම ඉවත් වෙලාහිරු මඬල බබලනකොටත් හරි ලස්සනයි.අංගීරස මහා මුනිවරයාණනි, ඔබවහන්සේත් ඒවගේමයි. හැමදෙයක්ම අභිබවා කීර්තියෙන් බබලනවා.
මට ලස්සනට කවි හදන්ට පුළුවන්. ඉස්සර මං ඒගැන මත් වෙලා හිටියේ. ඉතින් මං ගමින් ගමට නගරයෙන්නගරෙට ඇවිද ගෙන ගියා. ඒ ගමනෙදී තමයි හැම දේකින්මඑතෙර වුණ භාග්‍යවත් බුදු සමිඳුන්ව දැක ගන්නට ලැබුණේ.
දුකින් එතෙරට වැඩි බුදු සමිඳුන් මටත් දහම් දෙසාවදාළා. ඒ ධර්මය ගැන මං ගොඩක් පැහැදුණා. ඇත්තෙන්මඅපේ යහපත පිණිසමයි මේ තුනුරුවන් අපට ලැබුණේ.
මං සමිඳුන් වදාළ උතුම් වචන හොඳට අසාගත්තා.ස්කන්ධ, ධාතු, ආයතන ගැන දැනගත්තා. මාත් බුදු සසුනේමහණ වුණා.
කාන්තාවන්, පුරුෂයින් බොහෝ දෙනෙක් බුදුසමිඳුන්ගේ අවවාදයෙහි පිහිටා කටයුතු කරනවා.ඇත්තෙන්ම බොහෝ දෙනෙකුගේ යහපත පිණිසයිතථාගතයන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නෙ.
නිවන් මගට බැසගත්ත ඒ භික්ෂු භික්ෂුණී පිරිස ඒඅමා නිවන සාක්ෂාත් කරගත්තා නම්, ඔවුන්ට හිත සුවපිණිසමයි බුදු සමිඳුන් සම්බුද්ධත්වයට පත්වුණේ.
හිරු ගොත් වංශයෙන් උපන් සදහම් ඇත් ඇති බුදුසමිඳුන් ලෝකයාට මහත් අනුකම්පාවෙන්මයි මේ චතුරාර්යසත්‍ය ධර්මය දේශනා කොට වදාළේ.
දුක කියන්නෙ ආර්ය සත්‍යයක්. දුකේ හටගැනීමත්ආර්ය සත්‍යයක්. දුක ඉක්මවා යාමත් ආර්ය සත්‍යයක්. ඒදුක සංසිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ආර්ය සත්‍යයක්.
ඔන්න ඔය විදිහටයි ඒ ධර්මයේ ආර්ය සත්‍යපෙන්නා දෙන්නෙ. මාත් ඒ විදිහටම ඒ සත්‍යය දැකගත්තා.උතුම් අර්ථය ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
මං මේ බුද්ධ ශාසනයට ඇතුල් වුණ එක ඉතාමයහපත් දෙයක්. බුදු සමිඳුන් සමීපයෙන්ම මනා විස්තරඇති මේ ධර්මය දැන ගත්තේ. ඒ ධර්මය මාත් සාක්ෂාත්කළා.
අභිඤ්ඤාවන්ගේ පරතෙරට පත් වුණා. දිව්‍ය කණත්පිරිසිදු කර ගත්ත. ත්‍රිවිද්‍යාවත් ලබා ගත්ත. ඉර්ධි බලයටපත් වුණා. අනුන්ගේ සිත් දැනගන්ටත් දක්ෂ වුණා. මේජීවිතයේදී සියලූ සැක සංකා නැති කරන,
අලාමක ඤාණයකින් යුක්ත ශාස්තෘන් වහන්සේගෙන් මං අහන්ට කැමතියි, ඒ භික්ෂුවගේ ගුණ නුවණපැතිරිලා ගිහින් තිබුණේ. නිවී ගිය සිතක් තිබුණේ. අග්ගාළවවිහාරෙදී ඒ භික්ෂුව කලූරිය කළා.
එයාගේ නම නිග්‍රෝධ කප්ප. භාග්‍යවතුන් වහන්සේවිසින්මයි ඒ උතුම් භික්ෂුවට ඒ නම තැබුවේ. පටන් ගත්තවීරිය තුළමයි ඒ භික්ෂුවත් හිටියෙ. ගැඹුරු ධර්මය දකිමින්,අමා නිවන පතමින්, බුදු සමිඳුන්ට වන්දනා කරමිනුයි ඒභික්ෂුව හිටියේ.
ශාක්‍ය මුනීන්ද්‍රයාණනි, සියල්ලම දකින මුනිඳුනි,අපි කවුරුත් කැමතියි ඒ භික්ෂුව ගැන දැනගන්ට. අපේ සවන් යුග යොමු වෙලා තියෙන්නෙ ඒ කරුණටමයි. ඔබවහන්සේමයි අපේ ශාස්තෘන් වහන්සේ, ඔබ වහන්සේමයිඅනුත්තර සමිඳාණන්.
සියල්ලම දකින මුනිඳුනි. දෙවියන් පිරිවරා ගත්සක්දෙවිඳුන් වගෙයි, ඔබවහන්සේ අප අතර වැඩ සිටින්නෙ.මහා නුවණැති මුනිඳුනි, ඒ භික්ෂුව ගැන අපට කියා දෙන්න.අපේ සැකය දුරු කර දමන්න. ඒ භික්ෂුව පිරිනිවන් පෑසේක්ද?
ලෝකයේ මුළාවන මාර්ගය කියන්නෙ අවිද්‍යාවටයි.ඒ අවිද්‍යාව පැත්තෙ තියෙන සැක සිහත කෙලෙස් ගැටතථාගතයන් වහන්සේට නෑ. ඇත්තෙන්ම ලෝකෙ හැමදෙනාගෙම ”උතුම් ඇස” කියල කියන්නෙ ඔබවහන්සේටයි.
ලොකු වැහි වළාකුළු සැඩ සුළංවලින් ගහගෙනයනව වගේ, හිත්වල උපදින කෙලෙස් බුදු සමිඳුන් ප්‍රහාණයනොකළා නම්, මුළු ලෝකෙම වැහිල තියෙන්නෙ අඳුරින්විතරයි. එහෙම වුණා නම් කවදාවත් නුවණින් බබලනමිනිස්සු බිහිවෙන්නෙ නෑ.
ලෝකය එළිය කරන්නෙ ඤාණවන්ත මුනිවරුවිසිනුයි. බුදු සමිඳාණනි! ඔබවහන්සේ ගැනත් මටහිතෙන්නෙ ඒ විදිහටමයි. ධ්‍යාන විදර්ශනා තියෙන මුනිඳුන්ළඟටයි අපිත් ආවෙ. අනේ ස්වාමීනි, ඒ නිග්‍රෝධ කප්පතෙරුන් ගැන අපට කියා දෙන සේක්වා!
ඒ මිහිරි හඬින් අර්ථ රස වැගිරෙනවා. ඉතා රසවත්විදිහටයි ඒ වචන එකතු වෙන්නෙ. මිහිරි නාදයකින් යුක්තඒ ස්වරයෙන් ධර්මය වදාළ මැනව. හංසයෙක් බෙල්ලඔසවල කූජනය කරනවා වගේ, මිහිරි හඬින් යුක්ත ඒ ලස්සන වචන වලින් අපට කියා දෙන්න. සිත් සෘජුකරගෙන අපි අහගෙන ඉන්නම්.
ඉපදෙන මැරෙන ලෝකය ඉතිරි නැතිවම නැතිකරපු, සියලූ පාපයන්ම සෝදා ඉවත් කරපු, බුදු සමිඳුන්ලවා තමයි මිහිරි ධර්මය දේශනා කරවන්නෙ. පෘථග්ජනඋදවිය වගේ හිතට එන එන දේ කීරීමක් තථාගතවරුන්ටනෑ. උන්වහන්සේලා නුවණින් සලකලයි හැමදෙයක්මකරන්නෙ.
ඉතා පැහැදිලි විදිහටයි සද්ධර්මය පවසන්නෙ. සෘජුප්‍රඥාවක් තියෙන්නෙ. බුදු සමිඳුන්ගෙ ගුණ සම්පත් අපිපිළිගන්නවා. අපි දෑත එක්කොට වන්දනා කරගෙන මේකියන්නෙ. මහා ප්‍රඥාවන්තයාණනි, අපටත් ඤාණය දෙනුමැනව.
අලාමක ප්‍රඥා ඇති වීරයාණන්, හැමදෙයක්මඅවබෝධ කරගත් මුනිඳුනි, අපව මුලාවෙන් මුදවා ගන්නාසේක්වා! නියංසායෙන් දුක් විඳින කෙනෙක් මහා වැස්සටකැමැති වෙනවා වගේ, අපිත් ධර්මය අසන්ට කැමැතියි.දහම් වැසි වස්සන සේක්වා!
අපගේ නිග්‍රෝධ කප්ප තෙරුන් මේ උතුම් පැවිදිජීවිතය ගත කළේ යම් අර්ථයක් ඇතුවයි. එයාගේ ඒ අර්ථයඉෂ්ට වුණාද? උන්වහන්සේ පිරිනිවන් පෑ සේක් ද? නැතිනම්කෙලෙස් සහිතවද අපවත් වුණේ. ඒ ගැන දැනගන්ටයි අපිකැමැති.
(භාග්‍යවතුන් වහන්සේ) නාම රූපවලින් සකස් වුණමේ ලෝකේ බොහෝ කාලයක් මුළුල්ලේ එයා තුළ තිබුණේමාරයාගේ සැඩ පහරයි. ඒ තෘෂ්ණාව එයා නැති කරල දැම්මා. ඉපදෙන මැරෙණ ලෝකයෙන් සදහටම එතරෙවුණා.
(වංගීස සමිඳු) උත්තම ඉසිවරයාණනි, ඔබවහන්සේගේ ඒ වචනය ඇහුවට පස්සේ මං පැහැදිලාගියා. භාග්‍යවතුන් වහන්සේ ගෙන් මං අහපු දෙයක් කවදාවත්හිස් වුණේ නෑ. උතුම් බ්‍රාහ්මණයන් වහන්සේ මාවරැවැට්ටුවෙ නෑ.
ඒ භික්ෂුවත් කියන දේ ඒ විදිහටම කරන බුදුසමිඳුන්ගේ ශ්‍රාවකයෙක්. නුවණ යොදවලාමයි මාරයාගේමායාකාරී දැල කඩල බිඳල දැම්මෙ.
නිග්‍රෝධ කප්ප තෙරුන්ගේ හැම සුල මුලක්මභාග්‍යවතුන් වහන්සේ දැකගත්තා. ඇත්තෙන්ම එතෙරවෙන්ට අතිශයින්ම දුෂ්කර වූ මේ මාර විජිතයෙන් කප්පතෙරුන් එතෙර වුණා.
නරෝත්තමයාණනි, දේවාතිදේව වූ ඔබවහන්සේටමං වන්දනා කරනවා. මහා හස්තිරාජයෙක් වගේ ඉන්නබුදු සමිඳුන්ගේ අනුජාත පුත්‍රයෙක් වූ ළයෙහි උපන් පුත්‍රයෙක්වූ මහා වීරියවන්තයෙක් වූ නිග්‍රෝධ කප්ප කියන උතුම්හස්තියාටත් මං වන්දනා කරනවා.
මේ වනාහී ආයුෂ්මත් වංගීස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය
මහා නිපාතය නිමා විය.(ගාථා හැත්තෑව බැගින් වදාළ කොටස නිමා විය)