අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
1. පඨම පණ්ණාසකය
1. ආනිසංස වර්‍ගය
3. දුස්සීල හතුපනිස සූත්‍රය
’’මහණෙනි, සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.
’’මහණෙනි, අතු කොළ නැති වෘක්ෂයක් යම් සේද, ඒකේ පලතුරුද සම්පූර්‍ණ නොවෙත්. පොත්තද, ඵලයද, හරයද සම්පූර්‍ණ නොවේද, මහණෙනි, එසේම සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.
’’මහණෙනි, සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ.
’’මහණෙනි, අතු කොළ ඇති වෘක්‍ෂයක් යම් සේද, එහි පතුරුද සම්පූර්‍ණ වීමට යයි. පොතුද සම්පූර්‍ණ වීමට යයි. ඵලයද සම්පූර්‍ණ විමට යයි. හරයද සම්පූර්‍ණ වීමට යයි. මහණෙනි, එසේම සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ.