අංගුත්තර නිකාය
එක නිපාතය
4. දේවදූත වර්ගය
37. ලොකානුවිවරණ සූත්‍රය
“මහණෙනි, පක්ෂයෙහි අටවෙනි දිනයෙහි සිව්වරම් මහ රජ දරුවන්ගේ පිරිසෙහිවූ ඇමතියෝ
මේ ලෝකයෙහි හැසිරෙත්. කිමෙක්ද? ‘මිනිසුන් අතුරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ බ්‍රාහ්මණයන් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ කුලදෙටුවන් පුදන්නාවූ උපොසථ සිල් රකින්නාවූ පෙරගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, කියායි.
“මහණෙනි, පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහි සිව්වරම් මහරජදරුවන්ගේ පුත්‍රයෝ
(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි)
“මහණෙනි, එදවස් පැමිණියාවූ පසළොස්වක් පොහෝ දිනයෙහි සිව්වරම් රජවරු තුමූම
(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි)
“මහණෙනි, ඉදින් වනාහි මිනිසුන් අතුරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ බ්‍රාහ්මණයන් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ කුලදෙටුවන් පුදන්නාවූ උපොසථ සිල්රකින්නාවූ පෙරගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ කරන්නාවූ මිනිසුන් ස්වල්ප වෙත්ද මහණෙනි, ඒ මේ කරුණු සිව්වරම් මහරජවරු සුධර්මා නම්වූ සභාවෙහි එක්වූ රැස්වූ තව්තිසා දෙවියන්ට ප්‍රකාශ කෙරෙත්. (කෙසේද) ‘නිදුකාණෙනි, මනුෂ්‍යයන් අතුරෙහි මව කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ පියා කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ බ්‍රාහ්මණයන් කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ කුලදෙටුවන් පුදන්නාවූ උපොසථ සිල් රකින්නාවූ පෙරගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ කරන්නාවූ මිනිසුන් ස්වල්ප වෙත්මය’ කියායි. මහණෙනි, ඒ වචනයෙන් තව්තිසා දෙවියෝ නොසතුටු සිත් ඇත්තෝ වෙත්. ‘පින්වත්නි, ඒකාන්තයෙන් දිව්‍ය නිකායයෝ පිරිහෙන්නාහුය. අසුරනිකායයෝ සම්පූර්ණ වන්නාහුයයි’ කියායි.
“මහණෙනි, ඉදින් වනාහි මිනිසුන් අතුරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ බ්‍රාහ්මණයන් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ කුලදෙටුවන් පුදන්නාවූ උපොසථ සිල් රකින්නාවූ පෙරගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, මහණෙනි, ඒ මේ කරුණු සිව්වරම් මහරජවරු සුධර්මා නම්වූ සභාවෙහි එක්වූ රැස්වූ තව්තිසා දෙවියන්ට ප්‍රකාශ කෙරෙත්. (කෙසේද) ‘නිදුකාණෙනි, මනුෂ්‍යයන් අතුරෙහි මව කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ පියා කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ බ්‍රාහ්මණයන් කෙරෙහි යහපත් සේ පිළිපදින්නාවූ කුලදෙටුවන් පුදන්නාවූ උපොසථ සිල් රකින්නාවූ පෙරගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්මය’ කියායි. මහණෙනි, ඒ වචනයෙන් තව්තිසා දෙවියෝ සතුටු සිත් ඇත්තෝ වෙත්. ‘පින්වත්නි, ඒකාන්තයෙන් දිව්‍ය නිකායයෝ සම්පූර්ණ වන්නාහුය. අසුරනිකායයෝ පිරිහෙන්නාහුයයි” කියායි.