අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
1. පඨම පණ්ණාසකය
3. පඤ්චංගික වර්‍ගය
4. භතුපනිස සූත්‍රය
’’මහණෙනි, සීල විපත්තියට පැමිණියාවූ, දුශ්ශීලයාගේ සම්‍යක් සමාධිය කරුණු රහිත වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු රහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම නැති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් විපතට පැමිණියහුගේ කලකිරීම හා නොඇල්ම කරුණු රහිත වේ. කලකිරීම හා නොඇල්ම නැති කල්හි, කලකිරීමෙන් හා නොඇල්මෙන් විපතට පැමිණියහුගේ ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ කරුණු රහිත වේ.
’’මහණෙනි, යම් සේ වෘක්‍ෂය තෙම අතුපතරින් විපතට පැමිණියේ ඒ වෘක්‍ෂයාගේ පතුරද සම්පූර්‍ණවීමට නොපැමිණේද, සිවියද, ඵලයද, හරයද සම්පූර්‍ණවීමට නොපැමිණේද, මහණෙනි, මෙපරිද්දෙන්ම සීල විපත්තියට පැමිණියාවූ, දුශ්ශීලයාගේ සම්‍යක් සමාධිය කරුණු රහිත වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු රහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම නැති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් විපතට පැමිණියහුගේ කලකිරීම හා නොඇල්ම කරුණු රහිත වේ. කලකිරීම හා නොඇල්ම නැති කල්හි, කලකිරීමෙන් හා නොඇල්මෙන් විපතට පැමිණියහුගේ ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ කරුණු රහිත වේ.
’’මහණෙනි, සීල සම්පන්නවූ සිල්වත්හුගේ සම්‍යක් සමාධිය හේතු සහිතවේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම හේතු සහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීම ඇත්තහුගේ කලකිරීම හා නොඇල්ම හේතු සහිත වේ. කලකිරීම හා නොඇල්ම ඇති කල්හි කලකිරීම හා නොඇල්ම ඇත්තහුගේ ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ හේතු සහිත වේ.
’’මහණෙනි, යම් සේ වෘක්‍ෂය තෙම අතුපතරින් යුක්තවූයේ, ඒ වෘක්‍ෂයාගේ පතුරද සම්පූර්‍ණවීමට පැමිණෙද්ද, සිවියද, ඵලයද, හරයද සම්පූර්‍ණවීමට පැමිණේද, මහණෙනි, මෙපරිද්දෙන්ම සීල සම්පන්නවූ සිල්වත්හුගේ සම්‍යක් සමාධිය හේතු සහිතවේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම හේතු සහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීම ඇත්තහුගේ කලකිරීම හා නොඇල්ම හේතු සහිත වේ. කලකිරීම හා නොඇල්ම ඇති කල්හි කලකිරීම හා නොඇල්ම ඇත්තහුගේ ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ හේතු සහිත වේ.