අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
10. ආනිසංස වර්‍ගය
6. නිබ්බාණසමනුපස්සන සූත්‍රය
’’මහණෙනි, ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් නිවණ දුක් වශයෙන් බලන්නේ අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත වන්නේයයි මේ කාරණය නොපවතී. අනුලොම් කැමැත්තෙන් යුක්ත නොවූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය නොපවතී. නිවැරදි ස්වභාවයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කරන්නේය යන මේ කාරණය නොපවතී.
’’මහණෙනි, ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් නිවණ සැප වශයෙන් බලන්නේ, අනුලොම් කැමැත්තෙන් යුක්තවූයේ වන්නේයයි යන මේ කාරණය පවතීි. අනුලොම් කැමැත්තෙන් යුක්ත වූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගන්නේයයි යන මේ කාරණය පවතීි. නිවැරදි ස්වභාවයට බැස ගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ, අර්හත්වය හෝ, අත් කරන්නේය යන මේ කාරණ පවතී.’’