සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
10. ඡල වර්‍ගය
9. නතුම්හාක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, යමක් තොපගේ නොවේද, එය දුරු කරව්. දුරු කරණ ලද්දාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. මහණෙනි, කුමක් නම් තොපගේ නොවේද, මහණෙනි, ඇස තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කරණ ලද්දාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. රූපයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. චක්ඛු විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. චක්ඛු සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
’’කණ තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ශබ්දයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. සෝත විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. සෝත සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
’’නාසය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ගන්‍ධයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. ඝාණ විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ඝාණ සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
’’දිව තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. රසයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. ජිව්හා විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ජිව්හා ස්මඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
’’කය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ස්පර්‍ශයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. කාය විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. කාය සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කරණ ලද්දාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
’’සිත තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ධර්‍මයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. මනෝ විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. මනෝ සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
’’මහණෙනි, යමක් වනාහි තොපගේ නොවන්නේද, එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.