ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

26. ථොමක වග්ග

8. පණ්ණදායක ථෙරාපදානය

’’මම හිමවතට වැහැරි සිවුරු දරණ, ලුණු නොමැතිව කොළ අනුභව කරන්නාවූ, නියමි නම්වූ, පඤ්ච සීලයෙහි හික්මුනාවූ තවුසෙක් වෙමි.

’’පෙරවරුව පැමිණි කල්හි සිද්‍ධාර්ත්‍ථ බුදුරජ තෙම මාවෙත වැඩි සේක. මම පහන්වූයේ සියතින් බුදුන්හට පිදීමි.

’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් කොළ දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කොළ දානයාගේ මේ විපාකයයි.

’’සත්තිස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති ’’යදත්‍ථිය’’ නම් නම් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පණ්ණදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.