ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
26. ථොමක වග්ග
9. කුටිදායක ථෙරාපදානය
’’වනයෙහි හැසිරෙන්නාවූ සර්‍වඥ තෙමේ එකල්හි රුක්මුලක විසූහ. මම පස්මරුන් දිනූ උන්වහන්සේට පන්සලක් කරවා දුනිමි.
’’මින් එක් අනූවන කපෙහි යම් පර්‍ණකුටියක් දුනිම්ද, එකල්හි (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කුටි දානයාගේ මේ විපාකයයි.
’’මින් අටවිසිවන කපෙහි, සබ්බත්‍ථ අභි වස්සි නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කුටිදායකත්ථෙරස්සාපදානං නවමං.