ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
26. ථොමක වග්ග
10. අග්ගජ පුප්ඵිය ථෙරාපදානය
’’පර්‍වතාන්තරයෙහි වැඩහුන්නාවූ, ස්වර්‍ණවර්‍ණවූ රශ්මිය කරණකොටගෙන ගිනි කඳක් මෙන් බබළන කිඛී බුදුරජුන් (දුටිමි.)
’’මම අග්ගජ නම්වු මල් ගෙන බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, (එය) බුදුරජුන්හට පිදීමි.
’’මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’පස්විසිවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති අමිත නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අග්ගජ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අග්ගපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
ථොමකවග්ගො ඡබ්බීසතිමො.