ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

27. පදුමුක්ඛෙප වග්ග

1. ආකාසුක්ඛිපිය ථෙරාපදානය

’’ඇතුළු වීථියෙහි වඩින්නාවූ, ස්වර්‍ණ වර්‍ණවූ, නරශ්‍රේෂ්ඨවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් (දිටිමි.) (දැක) ජලයෙහි හටගන්නාවූ පියුම් උපුල් වැනි උතුම් මල් දෙකක් ගෙන උන්වහන්සේ වෙත එළඹියෙමි.

’’ඉන් එක මලක් ගෙන බුදුරජුන්ගේ ශ්‍රීපාදයට බිම දැමීමි. එකක් අහසට උඩ දැමීමි.

’’මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප දානයාගේ මේ විපාකයයි.

’’මින් දෙතිස්වන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති අන්තලික්ඛවර නම් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආකාසුක්ඛිපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ආකාසුක්ඛිපියත්ථෙරස්සාපදානං පඨමං.