ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
27. පදුමුක්ඛෙප වග්ග
2. තෙලමක්ඛිය ථෙරාපදානය
’’නරශ්‍රෙෂ්ඨවූ සිදුහත් බුදුරජුන් පිරිනිවි කල්හි මම (උන්වහන්සේගේ) බෝධි වේදිකාවෙහි තෙල් ගැල්වීමි.
’’මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප දානයාගේ මේ විපාකයයි.
’’මින් සූවිසිවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සුච්ඡවි නම් වූ අට සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තෙලමක්ඛිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තෙලමක්ඛියත්ථෙරස්සාපදානං දුතියං.