ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
27. පදුමුක්ඛෙප වග්ග
3. අඩ්භචන්‍දිය ථෙරාපදානය
’’තිස්ස බුදුරජුන්ගේ උතුම් බෝරුක මුල මවිසින් අර්ධ චන්‍ද්‍රාකාරයෙන් නොයෙක් වර්‍ගයෙන් මල් පුදන ලදී.
’’මින් දෙයානූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කරණ ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් පස් විසිවවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති දෙවල නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචන්‍දිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අඩ්ඪචන්දියත්ථෙරස්සාපදානං තතියං.