ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
27. පදුමුක්ඛෙප වග්ග
4. අපණ්ණදීපිය ථෙරාපදානය
’’එකල්හි දෙවියෙකු වූ මම පොළවට බැස (මිනිස් ලොවට අවුත්) පහන්වූයේ සියතින්ම පහන් පසක් පිදීමි.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ප්‍රදීප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි.
’’පස් පණස්වන කපෙහි පෘථිවීශ්වරවූ සමන්තචක්ඛු නම් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අපණ්ණදීපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පදීපදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.