ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

27. පදුමුක්ඛෙප වග්ග

5. බිලාලිදායක ථෙරාපදානය

’’හිමවතට නුදුරෙහි ’’රොමස’’ නම් පර්‍වතයෙක් විය. එම පර්‍වත පාදයෙහි පර්‍වතය කෙළවර කරණ ලද ඉඳුරන් ඇති භික්‍ෂුවක් විය.

’’මම බිළාලි නම්වූ අල ගෙනගොස් එම ශ්‍රමණයන් වහන්සේට දුනිමි. සියල්ල තෙමේම දත් මහා වීරවූ පස්මරුන් දිනූ එම බුදුරජතෙම අනුමෝදනාව කළ සේක. (කෙසේද යත්)

’’තා විසින් මට පැහැදි සිතින් බිළාලි අල දෙන ලදද (ඒ හේතුයෙන්) භවයෙහි උපදනා කල්හි තොපටද ඵල නිපදේවා’’ කියායි.

’’මම මින් සිව් අනූවන කපෙහි යම් බිළාලි දනක් දෙන ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බිළාලි දානයාගේ මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

බිළාලිදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.